قرآن دیسیQuran Desi
سُورَةُ النازعات

සූරා අන්-නාසිආත්

Surah Naziat
සූරා 79මක්කී46 වාක්‍යපිටුව 583
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අන්-නාසිආත් 79:1

وَالنَّٰزِعَٰتِ غَرْقًا ١

Wan naazi `aati gharqa

සිංහලසිංහල පරිවර්තනය

සාහසික ලෙස (ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්.

2අන්-නාසිආත් 79:2

وَالنَّٰشِطَٰتِ نَشْطًا ٢

Wan naa shi taati nashta

සිංහලසිංහල පරිවර්තනය

මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.

3අන්-නාසිආත් 79:3

وَالسَّٰبِحَٰتِ سَبْحًا ٣

Wass saabi-haati sabha

සිංහලසිංහල පරිවර්තනය

පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.

4අන්-නාසිආත් 79:4

فَالسَّٰبِقَٰتِ سَبْقًا ٤

Fass saabi qaati sabqa

සිංහලසිංහල පරිවර්තනය

තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)

5අන්-නාසිආත් 79:5

فَالْمُدَبِّرَٰتِ أَمْرًا ٥

Fal mu dab-bi raati amra

සිංහලසිංහල පරිවර්තනය

කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)

6අන්-නාසිආත් 79:6

يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ ٦

Yawma tarjufur raajifa

සිංහලසිංහල පරිවර්තනය

එදින කම්පනය වන දෑ කම්පනය වේ.

7අන්-නාසිආත් 79:7

تَتْبَعُهَا الرَّادِفَةُ ٧

Tatba`u har raadifa

සිංහලසිංහල පරිවර්තනය

එයට පරව කම්පනය නැවත සිදු වනු ඇත.

8අන්-නාසිආත් 79:8

قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ ٨

Quloobuny-yau maaiziw-waaji-fa

සිංහලසිංහල පරිවර්තනය

එදින හදවත් (බියෙන්) තැති ගනියි.

9අන්-නාසිආත් 79:9

أَبْصَٰرُهَا خَٰشِعَةٌ ٩

Absaa ruhaa khashi`ah

සිංහලසිංහල පරිවර්තනය

ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.

10අන්-නාසිආත් 79:10

يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى الْحَافِرَةِ ١٠

Ya qoo loona a-inna lamar doo doona fil haafirah

සිංහලසිංහල පරිවර්තනය

“නියත වශයෙන්ම අපි පෙර තත්ත්වයටම නැවත හරවනු ලබන්නෙම්දැ” යි ඔවුහු පවසති.

11අන්-නාසිආත් 79:11

أَءِذَا كُنَّا عِظَٰمًا نَّخِرَةً ١١

Aizaa kunna `izaa man-nakhirah

සිංහලසිංහල පරිවර්තනය

“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ පසුව ද?”

12අන්-නාසිආත් 79:12

قَالُوا۟ تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ ١٢

Qaalu tilka izan karratun khaasirah

සිංහලසිංහල පරිවර්තනය

“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.

13අන්-නාසිආත් 79:13

فَإِنَّمَا هِىَ زَجْرَةٌ وَٰحِدَةٌ ١٣

Fa inna ma hiya zajratuw-waahida

සිංහලසිංහල පරිවර්තනය

එහෙත් එය එක් භයානක හඬක් පමණි.

14අන්-නාසිආත් 79:14

فَإِذَا هُم بِالسَّاهِرَةِ ١٤

Faizaa hum biss saahirah

සිංහලසිංහල පරිවර්තනය

එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.

15අන්-නාසිආත් 79:15

هَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ١٥

Hal ataaka hadeethu Musaa

සිංහලසිංහල පරිවර්තනය

මූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේද?

16අන්-නාසිආත් 79:16

إِذْ نَادَىٰهُ رَبُّهُۥ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى ١٦

Iz nadaahu rabbuhu bil waadil-muqad dasi tuwa

සිංහලසිංහල පරිවර්තනය

ඔහුගේ පරමාධිපති ඔහු ව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,

17අන්-නාසිආත් 79:17

اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ١٧

Izhab ilaa fir`auna innahu taghaa

සිංහලසිංහල පරිවර්තනය

ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.

18අන්-නාසිආත් 79:18

فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ ١٨

Faqul hal laka ilaa-an tazakka

සිංහලසිංහල පරිවර්තනය

එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි නුඹ විමසනු.

19අන්-නාසිආත් 79:19

وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ ١٩

Wa ahdi yaka ila rabbika fatakh sha

සිංහලසිංහල පරිවර්තනය

තවද මා ඔබට ඔබේ පරමාධිපති වෙත මඟ පෙන්වන්නෙමි. එවිට ඔබ බියබැතිමත් වනු ඇත.

20අන්-නාසිආත් 79:20

فَأَرَىٰهُ الْءَايَةَ الْكُبْرَىٰ ٢٠

Fa araahul-aayatal kubra

සිංහලසිංහල පරිවර්තනය

එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වීය.

21අන්-නාසිආත් 79:21

فَكَذَّبَ وَعَصَىٰ ٢١

Fa kazzaba wa asaa

සිංහලසිංහල පරිවර්තනය

නමුත් ඔහු (ෆිර්අවුන් එය)බොරු යැයි පවසා පිටුපෑවේය.

22අන්-නාසිආත් 79:22

ثُمَّ أَدْبَرَ يَسْعَىٰ ٢٢

Thumma adbara yas`aa

සිංහලසිංහල පරිවර්තනය

පසු ව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය.

23අන්-නාසිආත් 79:23

فَحَشَرَ فَنَادَىٰ ٢٣

Fa hashara fanada

සිංහලසිංහල පරිවර්තනය

එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට ඇමතුවේය.

24අන්-නාසිආත් 79:24

فَقَالَ أَنَا۠ رَبُّكُمُ الْأَعْلَىٰ ٢٤

Faqala ana rabbu kumul-a`laa

සිංහලසිංහල පරිවර්තනය

එවිට මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේය.

25අන්-නාසිආත් 79:25

فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْءَاخِرَةِ وَالْأُولَىٰٓ ٢٥

Fa-akha zahul laahu nakalal aakhirati wal-oola

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහු ව හසු කර ගත්තේය.

26අන්-නාසිආත් 79:26

إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰٓ ٢٦

Inna fee zaalika la`ibratal limaiy-yaksha

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.

27අන්-නාසිආත් 79:27

ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَآءُ ۚ بَنَىٰهَا ٢٧

A-antum a shaddu khalqan amis samaa-u banaaha

සිංහලසිංහල පරිවර්තනය

මැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය.

28අන්-නාසිආත් 79:28

رَفَعَ سَمْكَهَا فَسَوَّىٰهَا ٢٨

Raf`a sam kaha fasaw waaha

සිංහලසිංහල පරිවර්තනය

ඔහු එහි වියන ඔසවා පසු ව එය නිවැරදි ව සැකසුවේය.

29අන්-නාසිආත් 79:29

وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَىٰهَا ٢٩

Wa aghtasha lailaha wa akhraja duhaaha

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය.

30අන්-නාසිආත් 79:30

وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ ٣٠

Wal arda b`ada zaalika dahaaha

සිංහලසිංහල පරිවර්තනය

තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේය.

31අන්-නාසිආත් 79:31

أَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعَىٰهَا ٣١

Akhraja minha maa-aha wa mar `aaha

සිංහලසිංහල පරිවර්තනය

ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වීය.

32අන්-නාසිආත් 79:32

وَالْجِبَالَ أَرْسَىٰهَا ٣٢

Wal jibala arsaaha

සිංහලසිංහල පරිවර්තනය

තවද කඳු එය ඔහු ස්ථාපිත කළේය.

33අන්-නාසිආත් 79:33

مَتَٰعًا لَّكُمْ وَلِأَنْعَٰمِكُمْ ٣٣

Mataa`al lakum wali an `aamikum

සිංහලසිංහල පරිවර්තනය

(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.

34අන්-නාසිආත් 79:34

فَإِذَا جَآءَتِ الطَّآمَّةُ الْكُبْرَىٰ ٣٤

Fa-izaa jaaa`atit taaam matul kubraa

සිංහලසිංහල පරිවර්තනය

එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට,

35අන්-නාසිආත් 79:35

يَوْمَ يَتَذَكَّرُ الْإِنسَٰنُ مَا سَعَىٰ ٣٥

Yauma Yata zakkarul insaanu ma sa`aa

සිංහලසිංහල පරිවර්තනය

එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේය.

36අන්-නාසිආත් 79:36

وَبُرِّزَتِ الْجَحِيمُ لِمَن يَرَىٰ ٣٦

Wa burrizatil-jaheemu limany-yaraa

සිංහලසිංහල පරිවර්තනය

තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්‍ෂ කරනු ලබයි.

37අන්-නාසිආත් 79:37

فَأَمَّا مَن طَغَىٰ ٣٧

Fa ammaa man taghaa

සිංහලසිංහල පරිවර්තනය

"එහෙයින් සීමාව උල්ලංඝනය කර"

38අන්-නාසිආත් 79:38

وَءَاثَرَ الْحَيَوٰةَ الدُّنْيَا ٣٨

Wa aasaral hayaatad dunyaa

සිංහලසිංහල පරිවර්තනය

"මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී"

39අන්-නාසිආත් 79:39

فَإِنَّ الْجَحِيمَ هِىَ الْمَأْوَىٰ ٣٩

Fa innal jaheema hiyal maawaa

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම නිරය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.

40අන්-නාසිආත් 79:40

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ ٤٠

Wa ammaa man khaafa maqaama Rabbihee wa nahan nafsa `anil hawaa

සිංහලසිංහල පරිවර්තනය

"තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී"

41අන්-නාසිආත් 79:41

فَإِنَّ الْجَنَّةَ هِىَ الْمَأْوَىٰ ٤١

Fa innal jannata hiyal maawaa

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම ස්වර්ගය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.

42අන්-නාසිආත් 79:42

يَسْـَٔلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا ٤٢

Yas`aloonaka `anis saa`ati ayyaana mursaahaa

සිංහලසිංහල පරිවර්තනය

එම හෝරාව එය කවදා සිදුවන්නේ දැයි ඔවුහු ඔබගෙන් විමසති.

43අන්-නාසිආත් 79:43

فِيمَ أَنتَ مِن ذِكْرَىٰهَآ ٤٣

Feema anta min zikraahaa

සිංහලසිංහල පරිවර්තනය

ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේද?

44අන්-නාසිආත් 79:44

إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ ٤٤

Ilaa Rabbika muntahaa haa

සිංහලසිංහල පරිවර්තනය

එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.

45අන්-නාසිආත් 79:45

إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَىٰهَا ٤٥

Innamaaa anta munziru maiy yakshaahaa

සිංහලසිංහල පරිවර්තනය

ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින්ම නුඹ අවවාද කරන්නෙක් පමණි.

46අන්-නාසිආත් 79:46

كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوٓا۟ إِلَّا عَشِيَّةً أَوْ ضُحَىٰهَا ٤٦

Ka annahum Yawma yarawnahaa lam yalbasooo illaa `ashiyyatan aw duhaahaa

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නොසිටියාක් මෙන් සිතනු ඇත.

දර්ශනය

අරාබි අකුරු

කියවීම