قرآن دیسیQuran Desi
سُورَةُ الصافات

සූරා අස්-සාෆ්ෆාත්

Surah Saffat
සූරා 37මක්කී182 වාක්‍යපිටුව 446
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අස්-සාෆ්ෆාත් 37:1

وَالصَّٰٓفَّٰتِ صَفًّا ١

Wassaaaffaati saffaa

සිංහලසිංහල පරිවර්තනය

පෙළට පෙළ ගැසී සිටින්නන් මත දිවුරමින්.

2අස්-සාෆ්ෆාත් 37:2

فَالزَّٰجِرَٰتِ زَجْرًا ٢

Fazzaajiraati zajraa

සිංහලසිංහල පරිවර්තනය

තවද පසුපසින් මෙහෙයවා යන්නන් මත දිවුරමින්.

3අස්-සාෆ්ෆාත් 37:3

فَالتَّٰلِيَٰتِ ذِكْرًا ٣

Fattaaliyaati Zikra

සිංහලසිංහල පරිවර්තනය

තවද අනුශාසනාව පාරායනය කරන්නන් මත දිවුරමින්.

4අස්-සාෆ්ෆාත් 37:4

إِنَّ إِلَٰهَكُمْ لَوَٰحِدٌ ٤

Inna Illaahakum la Waahid

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම නුඹලාගේ දෙවියා එකමය.

5අස්-සාෆ්ෆාත් 37:5

رَّبُّ السَّمَٰوَٰتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَٰرِقِ ٥

Rabbus samaawaati wal ardi wa maa bainahumaa wa Rabbul mashaariq

සිංහලසිංහල පරිවර්තනය

අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. තවද නැගෙනහිර දිශාවන්හි ද හිමිපාණන්ය.

6අස්-සාෆ්ෆාත් 37:6

إِنَّا زَيَّنَّا السَّمَآءَ الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ ٦

Innaa zaiyannas samaaa `ad dunyaa bizeenatinil kawaakib

සිංහලසිංහල පරිවර්තනය

සමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මගින් නියත වශයෙන්ම අලංකාරවත් කළෙමු.

7අස්-සාෆ්ෆාත් 37:7

وَحِفْظًا مِّن كُلِّ شَيْطَٰنٍ مَّارِدٍ ٧

Wa hifzam min kulli Shaitaanim maarid

සිංහලසිංහල පරිවර්තනය

තවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන්ම ආරක්ෂාවක් වශයෙනි.

8අස්-සාෆ්ෆාත් 37:8

لَّا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ ٨

Laa yassamma `oona ilal mala il a`alaa wa yuqzafoona min kulli jaanib

සිංහලසිංහල පරිවර්තනය

උසස් වූ පිරිස (මලක්වරු) වෙත ඔවුන් සවන් දිය නොහැකිය. තවද ඔවුහු සෑම පැත්තකින්ම පහර දෙනු ලබති.

9අස්-සාෆ්ෆාත් 37:9

دُحُورًا ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌ ٩

Duhooranw wa lahum `azaabunw waasib

සිංහලසිංහල පරිවර්තනය

(එය) පලවා හැරීමක් වශයෙනි. තවද ඔවුනට නිරන්තර දඬුවමක් ඇත.

10අස්-සාෆ්ෆාත් 37:10

إِلَّا مَنْ خَطِفَ الْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌ ثَاقِبٌ ١٠

Illaa man khatifal khatfata fa atba`ahoo shihaabun saaqib

සිංහලසිංහල පරිවර්තනය

(රහස් කතා) පැහැර ගෙන සවන් දෙන්නා හැර. එවිට සිදුරු කරන උල්කාවන් ඔහු ලුහුබඳියි.

11අස්-සාෆ්ෆාත් 37:11

فَاسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَآ ۚ إِنَّا خَلَقْنَٰهُم مِّن طِينٍ لَّازِبٍۭ ١١

Fastaftihim ahum ashaddu khalqan am man khalaqnaa; innaa khalaqnaahum min teenil laazib

සිංහලසිංහල පරිවර්තනය

“මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙනසුළු මැටියෙන් මැව්වෙමු.

12අස්-සාෆ්ෆාත් 37:12

بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ ١٢

Bal`ajibta wa yaskharoon

සිංහලසිංහල පරිවර්තනය

නමුත් නුඹ පුදුම වූයෙහිය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති.

13අස්-සාෆ්ෆාත් 37:13

وَإِذَا ذُكِّرُوا۟ لَا يَذْكُرُونَ ١٣

Wa izaa zukkiroo laa yazkuroon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නොලබති.

14අස්-සාෆ්ෆාත් 37:14

وَإِذَا رَأَوْا۟ ءَايَةً يَسْتَسْخِرُونَ ١٤

Wa izaa ra aw Aayatinw yastaskhiroon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුහු යම් සංඥාවක් දුටු විට සමච්චල් කරති.

15අස්-සාෆ්ෆාත් 37:15

وَقَالُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ ١٥

Wa qaalooo in haazaa illaa sihrum mubeen

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුහු මෙසේ පවසා සිටි‍යෝය. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”

16අස්-සාෆ්ෆාත් 37:16

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ١٦

A-izaa mitnaa wa kunnaa turaabanw wa `izaaman `ainnaa lamab`oosoon

සිංහලසිංහල පරිවර්තනය

“අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”

17අස්-සාෆ්ෆාත් 37:17

أَوَءَابَآؤُنَا الْأَوَّلُونَ ١٧

Awa aabaa`unal awwaloon

සිංහලසිංහල පරිවර්තනය

“අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද)”

18අස්-සාෆ්ෆාත් 37:18

قُلْ نَعَمْ وَأَنتُمْ دَٰخِرُونَ ١٨

Qul na`am wa antum daakhiroon

සිංහලසිංහල පරිවර්තනය

අහෝ නබිවරය! “එසේය. තවද නුඹලා (අල්ලාහ් ඉදිරියේ) පහත් වූවන් යැ”යි නුඹ පවසනු.

19අස්-සාෆ්ෆාත් 37:19

فَإِنَّمَا هِىَ زَجْرَةٌ وَٰحِدَةٌ فَإِذَا هُمْ يَنظُرُونَ ١٩

Fa innamaa hiya zajra tunw waahidatun fa izaa hum yanzuroon

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම එය එක් හඬකි. එවිට ඔවුහු එය දකිති.

20අස්-සාෆ්ෆාත් 37:20

وَقَالُوا۟ يَٰوَيْلَنَا هَٰذَا يَوْمُ الدِّينِ ٢٠

Qa qaaloo yaa wailanaa haazaa Yawmud-Deen

සිංහලසිංහල පරිවර්තනය

තවද “අහෝ! අපගේ විනාශය. මෙය විනිශ්චය දිනය වේ” යැයි ඔවුහු පවසති.

21අස්-සාෆ්ෆාත් 37:21

هَٰذَا يَوْمُ الْفَصْلِ الَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢١

Haazaa Yawmul Faslil lazee kuntum bihee tukaziboon

සිංහලසිංහල පරිවර්තනය

“නුඹලා කවර දෙයක් බොරුකරමින් සිටියේ ද එම විනිශ්චය දිනය මෙය වේ” (යැයි කියනු ලැබේ.)

22අස්-සාෆ්ෆාත් 37:22

۞ احْشُرُوا۟ الَّذِينَ ظَلَمُوا۟ وَأَزْوَٰجَهُمْ وَمَا كَانُوا۟ يَعْبُدُونَ ٢٢

Uhshurul lazeena zalamoo wa azwaajahum wa maa kaanoo ya`budoon

සිංහලසිංහල පරිවර්තනය

අපරාධ කළවුන් හා ඔවුන්ගේ ‍සහකරුවන් නුඹලා එක්රැස් කරනු. තවද ඔවුන් නමදිමින් සිටි දෑ ද..

23අස්-සාෆ්ෆාත් 37:23

مِن دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَىٰ صِرَٰطِ الْجَحِيمِ ٢٣

Min doonil laahi fahdoohum ilaa siraatil Jaheem

සිංහලසිංහල පරිවර්තනය

අල්ලාහ්ගෙන් තොර ව (ඔවුන් නමදිමින් සිටි දෑ දඑක්රැස් කරනු.) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.

24අස්-සාෆ්ෆාත් 37:24

وَقِفُوهُمْ ۖ إِنَّهُم مَّسْـُٔولُونَ ٢٤

Wa qifoohum innahum mas`ooloon

සිංහලසිංහල පරිවර්තනය

තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝය.

25අස්-සාෆ්ෆාත් 37:25

مَا لَكُمْ لَا تَنَاصَرُونَ ٢٥

Maa lakum laa tanaasaroon

සිංහලසිංහල පරිවර්තනය

නුඹලාට කුමක්වීද? නුඹලා එකිනෙකා උදව් නොකරනුයේ (මන්ද?).

26අස්-සාෆ්ෆාත් 37:26

بَلْ هُمُ الْيَوْمَ مُسْتَسْلِمُونَ ٢٦

Bal humul Yawma mustaslimoon

සිංහලසිංහල පරිවර්තනය

එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝය.

27අස්-සාෆ්ෆාත් 37:27

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ ٢٧

Wa aqbala ba`duhum `alaa ba`diny yatasaaa`aloon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති.

28අස්-සාෆ්ෆාත් 37:28

قَالُوٓا۟ إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ الْيَمِينِ ٢٨

Qaalooo innakum kuntum taatoonanaa `anil yameen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම නුඹලා දකුණු දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය යැයි (සිය නායකයින් අනුගමනය කරන) ඔවුහු පවසා සිටියෝය.

29අස්-සාෆ්ෆාත් 37:29

قَالُوا۟ بَل لَّمْ تَكُونُوا۟ مُؤْمِنِينَ ٢٩

Qaaloo bal lam takoonoo mu`mineen

සිංහලසිංහල පරිවර්තනය

“එසේ නොව නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් නොවූයෙහු” යැයි ඔවුහු (නායකයින්) පවසා සිටියෝය.

30අස්-සාෆ්ෆාත් 37:30

وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَٰنٍۭ ۖ بَلْ كُنتُمْ قَوْمًا طَٰغِينَ ٣٠

Wa maa kaana lanaa `alaikum min sultaanim bal kuntum qawman taagheen

සිංහලසිංහල පරිවර්තනය

තවද නුඹලා මත කිසිදු බලයක් (යෙදවීමට) අපට නොවීය. නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වූයෙහුය.

31අස්-සාෆ්ෆාත් 37:31

فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَآ ۖ إِنَّا لَذَآئِقُونَ ٣١

Fahaqqa `alainaa qawlu Rabbinaaa innaa lazaaa`iqoon

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් අපට එරෙහි ව අපගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වී ඇත. නියත වශයෙන්ම අපි (එය) රස විඳින්නෝ වෙමු.

32අස්-සාෆ්ෆාත් 37:32

فَأَغْوَيْنَٰكُمْ إِنَّا كُنَّا غَٰوِينَ ٣٢

Fa aghwainaakum innaa kunnaa ghaaween

සිංහලසිංහල පරිවර්තනය

තවද අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන්ම අප ද නොමග ගියවුන් වූයෙමු.

33අස්-සාෆ්ෆාත් 37:33

فَإِنَّهُمْ يَوْمَئِذٍ فِى الْعَذَابِ مُشْتَرِكُونَ ٣٣

Fa innahum Yawma`izin fil`azaabi mushtarikoon

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් නියත වශයෙන්ම ඔවුහු එදින දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.

34අස්-සාෆ්ෆාත් 37:34

إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ ٣٤

Innaa kazaalika naf`alu bil mujrimeen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම අපි වැරදිකරුවන් සමග කටයුතු කරන්නේ එලෙසය.

35අස්-සාෆ්ෆාත් 37:35

إِنَّهُمْ كَانُوٓا۟ إِذَا قِيلَ لَهُمْ لَآ إِلَٰهَ إِلَّا اللَّهُ يَسْتَكْبِرُونَ ٣٥

Innahum kaanooo izaa qeela lahum laaa ilaaha illal laahu yastakbiroon

සිංහලසිංහල පරිවර්තනය

“අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි” ඔවුනට පැවසනු ලැබූ විට, නියත වශයෙන්ම ඔවුහු උඩඟුකම් පාමින් සිටියෝය.

36අස්-සාෆ්ෆාත් 37:36

وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓا۟ ءَالِهَتِنَا لِشَاعِرٍ مَّجْنُونٍۭ ٣٦

Wa yaqooloona a`innaa lataarikooo aalihatinaa lishaa`irim majnoon

සිංහලසිංහල පරිවර්තනය

තවද “උමතු වූ කවියෙකු වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන් අතහැර දමන්නෝ වෙමුදැ”යි ඔවුහු පවසා සිටිති.

37අස්-සාෆ්ෆාත් 37:37

بَلْ جَآءَ بِالْحَقِّ وَصَدَّقَ الْمُرْسَلِينَ ٣٧

bal jaaa`a bilhaqqi wa saddaqal mursaleen

සිංහලසිංහල පරිවර්තනය

නමුත් ඔහු (මුහම්මද්) සත්යය සමග පැමිණියේය. තවද ඔහු (පෙර සිටි) ධර්ම දූතයින් තහවුරු කළේය.

38අස්-සාෆ්ෆාත් 37:38

إِنَّكُمْ لَذَآئِقُوا۟ الْعَذَابِ الْأَلِيمِ ٣٨

Innakum lazaaa`iqul `azaabil aleem

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම (අශිෂ්ඨ ජනයා වන) නුඹලා එම වේදනීය දඬුවම රස විඳින්නෝමය.

39අස්-සාෆ්ෆාත් 37:39

وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ٣٩

Wa maa tujzawna illaa maa kuntum ta`maloon

සිංහලසිංහල පරිවර්තනය

තවද නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල දෙනු නොලබනු ඇත.

40අස්-සාෆ්ෆාත් 37:40

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ ٤٠

Illaa `ibaadal laahil mukhlaseen

සිංහලසිංහල පරිවර්තනය

නමුත් අල්ලාහ්ගේ අවංක වූ ගැත්තන් හැර.

41අස්-සාෆ්ෆාත් 37:41

أُو۟لَٰٓئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُومٌ ٤١

Ulaaa`ika lahum rizqum ma`loom

සිංහලසිංහල පරිවර්තනය

හඳුනා ගනු ලබන පෝෂණය ඇත්තෝ ඔවුහුමය.

42අස්-සාෆ්ෆාත් 37:42

فَوَٰكِهُ ۖ وَهُم مُّكْرَمُونَ ٤٢

Fa waakihu wa hum mukramoon

සිංහලසිංහල පරිවර්තනය

පලතුරු ද ඇත. තවද ඔවුහු ගරු කරනු ලබන්නෝය.

43අස්-සාෆ්ෆාත් 37:43

فِى جَنَّٰتِ النَّعِيمِ ٤٣

Fee jannaatin Na`eem

සිංහලසිංහල පරිවර්තනය

(ඔවුන්) සැප පහසුකම් සහිත උයන්හි ය.

44අස්-සාෆ්ෆාත් 37:44

عَلَىٰ سُرُرٍ مُّتَقَٰبِلِينَ ٤٤

Alaa sururim mutaqaa bileen

සිංහලසිංහල පරිවර්තනය

යහන් මත එකිනෙකාට මුහුණ ලා සිටිති.

45අස්-සාෆ්ෆාත් 37:45

يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِّن مَّعِينٍۭ ٤٥

Yutaafu `alaihim bikaasim mim ma`een

සිංහලසිංහල පරිවර්තනය

(සුරා)උල්පතින් වූ කුසලාන ඔවුන් වටා යවනු ලැබේ.

46අස්-සාෆ්ෆාත් 37:46

بَيْضَآءَ لَذَّةٍ لِّلشَّٰرِبِينَ ٤٦

Baidaaa`a laz zatil lish shaaribeen

සිංහලසිංහල පරිවර්තනය

එය සුදු පැහැතිය. පානය කරන්නන් හට ප්‍රණීතය.

47අස්-සාෆ්ෆාත් 37:47

لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ ٤٧

Laa feehaa ghawlunw wa laa hum `anhaa yunzafoon

සිංහලසිංහල පරිවර්තනය

එහි උවදුරක් නොමැත. තවද ඔවුහු එයින් මත් නොවෙති.

48අස්-සාෆ්ෆාත් 37:48

وَعِندَهُمْ قَٰصِرَٰتُ الطَّرْفِ عِينٌ ٤٨

Wa `indahum qaasiraatut tarfi `een

සිංහලසිංහල පරිවර්තනය

තවද සංවර බැල්මෙන් යුත් ලලනාවෝ ඔවුන් අබියස වෙති.

49අස්-සාෆ්ෆාත් 37:49

كَأَنَّهُنَّ بَيْضٌ مَّكْنُونٌ ٤٩

Ka annahunna baidum maknoon

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම ඔවුන් සඟවා තබනු ලැබූ බිත්තර මෙනි.

50අස්-සාෆ්ෆාත් 37:50

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ ٥٠

Fa aqbala ba`duhum `alaa badiny yatasaaa `aloon

සිංහලසිංහල පරිවර්තනය

එමෙන්ම ඔවුන් (ස්වර්ග වැසියන්) එකිනෙකා විමසා ගනිමින් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ඉදිරියට එනු ඇත.

51අස්-සාෆ්ෆාත් 37:51

قَالَ قَآئِلٌ مِّنْهُمْ إِنِّى كَانَ لِى قَرِينٌ ٥١

Qaala qaaa`ilum minhum innee kaana lee qareen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම මට සමීප මිතුරෙකු සිටියේ යැයි ඔවුන් අතරින් ප්‍රකාශකයකු පවසනු ඇත.

52අස්-සාෆ්ෆාත් 37:52

يَقُولُ أَءِنَّكَ لَمِنَ الْمُصَدِّقِينَ ٥٢

Yaqoolu a`innnaka laminal musaddiqeen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම නුඹ (විනිශ්චය දිනය) සත්ය කරන්නන් අතරින් කෙනෙකුදැ?යි ඔහු විමසයි.

53අස්-සාෆ්ෆාත් 37:53

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ ٥٣

A-izaa mitnaa wa kunnaa turaabanw wa `izaaman `ainnaa lamadeenoon

සිංහලසිංහල පරිවර්තනය

අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අප ප්‍රතිඵල දෙනු ලබන්නෙම් දැ?(යි ද ඔහු විමසයි.)

54අස්-සාෆ්ෆාත් 37:54

قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ ٥٤

Qaala hal antum muttali`oon

සිංහලසිංහල පරිවර්තනය

නුඹලා ඔහුව එබී බලන්නේ දැයි ඔහු (අල්ලාහ්) විමසයි.

55අස්-සාෆ්ෆාත් 37:55

فَاطَّلَعَ فَرَءَاهُ فِى سَوَآءِ الْجَحِيمِ ٥٥

Fattala`a fara aahu fee sawaaa`il Jaheem

සිංහලසිංහල පරිවර්තනය

එවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත.

56අස්-සාෆ්ෆාත් 37:56

قَالَ تَاللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ ٥٦

Qaala tallaahi in kitta laturdeen

සිංහලසිංහල පරිවර්තනය

අල්ලාහ් මත දිවුරා (පවසමි). ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය යැයි ඔහු පැවසයි.

57අස්-සාෆ්ෆාත් 37:57

وَلَوْلَا نِعْمَةُ رَبِّى لَكُنتُ مِنَ الْمُحْضَرِينَ ٥٧

Wa law laa ni`matu Rabbee lakuntu minal muhdareen

සිංහලසිංහල පරිවර්තනය

මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නොවී නම් මා ද (නිරයට) සම්මුඛ කරනු ලබන්නන් අතරින් වෙමි.

58අස්-සාෆ්ෆාත් 37:58

أَفَمَا نَحْنُ بِمَيِّتِينَ ٥٨

Afamaa nahnu bimaiyiteen

සිංහලසිංහල පරිවර්තනය

එසේ නම් අප මිය යන්නන් ලෙස නොවන්නෙමු ද?

59අස්-සාෆ්ෆාත් 37:59

إِلَّا مَوْتَتَنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ٥٩

Illa mawtatanal oola wa maa nahnu bimu`azzabeen

සිංහලසිංහල පරිවර්තනය

අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු.

60අස්-සාෆ්ෆාත් 37:60

إِنَّ هَٰذَا لَهُوَ الْفَوْزُ الْعَظِيمُ ٦٠

Inna haazaa falya`ma lil`aamiloon

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම මෙයමය අතිමහත් ජයග්‍රහණය.

61අස්-සාෆ්ෆාත් 37:61

لِمِثْلِ هَٰذَا فَلْيَعْمَلِ الْعَٰمِلُونَ ٦١

Limisli haaza falya`ma lil `aamiloon

සිංහලසිංහල පරිවර්තනය

මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!

62අස්-සාෆ්ෆාත් 37:62

أَذَٰلِكَ خَيْرٌ نُّزُلًا أَمْ شَجَرَةُ الزَّقُّومِ ٦٢

Azaalika khairun nuzulan am shajaratuz Zaqqom

සිංහලසිංහල පරිවර්තනය

සංග්‍රහයෙන් ශ්රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගසද?

63අස්-සාෆ්ෆාත් 37:63

إِنَّا جَعَلْنَٰهَا فِتْنَةً لِّلظَّٰلِمِينَ ٦٣

Innaa ja`alnaahaa fitnatal lizzaalimeen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු.

64අස්-සාෆ්ෆාත් 37:64

إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِىٓ أَصْلِ الْجَحِيمِ ٦٤

Innahaa shajaratun takhruju feee aslil Jaheem

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම එය නිරය පතුලෙහි මතු වෙන ගසකි.

65අස්-සාෆ්ෆාත් 37:65

طَلْعُهَا كَأَنَّهُۥ رُءُوسُ الشَّيَٰطِينِ ٦٥

Tal`uhaa ka annahoo ru`oosush Shayaateen

සිංහලසිංහල පරිවර්තනය

එහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි.

66අස්-සාෆ්ෆාත් 37:66

فَإِنَّهُمْ لَءَاكِلُونَ مِنْهَا فَمَالِـُٔونَ مِنْهَا الْبُطُونَ ٦٦

Fa innahum la aakiloona minhaa famaali`oona minhal butoon

සිංහලසිංහල පරිවර්තනය

එවිට ඔවුහු එයින් (zසක්කූම් නම් කටු ගසින්) අනුභව කර එයින් කුසවල් පුරවාගන්නෝ වෙති.

67අස්-සාෆ්ෆාත් 37:67

ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِّنْ حَمِيمٍ ٦٧

Summa inna lahum `alaihaa lashawbam min hameem

සිංහලසිංහල පරිවර්තනය

පසු ව නියත වශයෙන්ම ඔවුනට එහි ලෝ දියෙන් යුත් පානයක් ඇත.

68අස්-සාෆ්ෆාත් 37:68

ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى الْجَحِيمِ ٦٨

Summa inna marji`ahum la ilal Jaheem

සිංහලසිංහල පරිවර්තනය

පසු ව නියත වශයෙන්ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙතය.

69අස්-සාෆ්ෆාත් 37:69

إِنَّهُمْ أَلْفَوْا۟ ءَابَآءَهُمْ ضَآلِّينَ ٦٩

Innahum alfaw aabaaa`ahum daaalleen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම ඔවුහු (මෙලොවෙහි) ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝය.

70අස්-සාෆ්ෆාත් 37:70

فَهُمْ عَلَىٰٓ ءَاثَٰرِهِمْ يُهْرَعُونَ ٧٠

Fahum `alaa aasaarihim yuhra`oon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුහු ඔවුන්ගේ පා සලකුණු මත යන්නට ඉක්මන් කරනු ලබති.

71අස්-සාෆ්ෆාත් 37:71

وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ الْأَوَّلِينَ ٧١

Wa laqad dalla qablahum aksarul awwaleen

සිංහලසිංහල පරිවර්තනය

ඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින්ම නොමග ගියෝය.

72අස්-සාෆ්ෆාත් 37:72

وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ ٧٢

Wa laqad arsalnaa feehim munzireen

සිංහලසිංහල පරිවර්තනය

තවද සැබැවින්ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු.

73අස්-සාෆ්ෆාත් 37:73

فَانظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ الْمُنذَرِينَ ٧٣

Fanzur kaifa kaana `aaqibatul munzareen

සිංහලසිංහල පරිවර්තනය

අවවාද කරනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැයි මැනවින් බලනු.

74අස්-සාෆ්ෆාත් 37:74

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ ٧٤

Illaa `ibaadal laahil mukhlaseen

සිංහලසිංහල පරිවර්තනය

අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර (ඔවුන්ගේ අවසානය යහපත් විය).

75අස්-සාෆ්ෆාත් 37:75

وَلَقَدْ نَادَىٰنَا نُوحٌ فَلَنِعْمَ الْمُجِيبُونَ ٧٥

Wa laqad naadaanaa Noohun falani`mal mujeeboon

සිංහලසිංහල පරිවර්තනය

තවද සැබැවින්ම නූහ් අප ඇමතුවේය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නන්ගෙන් ඉතා ශ්රේෂ්ඨයින් වූයෙමු.

76අස්-සාෆ්ෆාත් 37:76

وَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥ مِنَ الْكَرْبِ الْعَظِيمِ ٧٦

Wa jajainaahu wa ahlahoo minal karbil `azeem

සිංහලසිංහල පරිවර්තනය

තවද අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු.

77අස්-සාෆ්ෆාත් 37:77

وَجَعَلْنَا ذُرِّيَّتَهُۥ هُمُ الْبَاقِينَ ٧٧

Wa ja`alnaa zurriyyatahoo hummul baaqeen

සිංහලසිංහල පරිවර්තනය

තවද අපි ඔහුගේ පරපුර පමණක් ඉතිරිවූවන් බවට පත් කළෙමු.

78අස්-සාෆ්ෆාත් 37:78

وَتَرَكْنَا عَلَيْهِ فِى الْءَاخِرِينَ ٧٨

Wa taraknaa `alaihi fil aakhireen

සිංහලසිංහල පරිවර්තනය

තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.

79අස්-සාෆ්ෆාත් 37:79

سَلَٰمٌ عَلَىٰ نُوحٍ فِى الْعَٰلَمِينَ ٧٩

Salaamun `alaa Noohin fil `aalameen

සිංහලසිංහල පරිවර්තනය

ලෝවැසියන් අතර නූහ් ට ශාන්තිය අත්වේවා!

80අස්-සාෆ්ෆාත් 37:80

إِنَّا كَذَٰلِكَ نَجْزِى الْمُحْسِنِينَ ٨٠

Innaa kazaalika najzil muhsineen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.

81අස්-සාෆ්ෆාත් 37:81

إِنَّهُۥ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ ٨١

Innahoo min `ibaadinal mu`mineen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම (නූහ් වන) ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.

82අස්-සාෆ්ෆාත් 37:82

ثُمَّ أَغْرَقْنَا الْءَاخَرِينَ ٨٢

Summa aghraqnal aakhareen

සිංහලසිංහල පරිවර්තනය

පසු ව අපි සෙස්සන් (දියේ) ගිල්වූයෙමු.

83අස්-සාෆ්ෆාත් 37:83

۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبْرَٰهِيمَ ٨٣

Wa ina min shee`atihee la Ibraaheem

සිංහලසිංහල පරිවර්තනය

තවද නියත වශයෙන්ම ඔහුගේ පිළිවෙතින් වූ කෙනෙකි ඉබ්රාහීම්.

84අස්-සාෆ්ෆාත් 37:84

إِذْ جَآءَ رَبَّهُۥ بِقَلْبٍ سَلِيمٍ ٨٤

Iz jaaa`a Rabbahoo bi qalbin saleem

සිංහලසිංහල පරිවර්තනය

සන්සුන් හදවතින් ඔහු ඔහුගේ පරමාධිපති වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරනු.

85අස්-සාෆ්ෆාත් 37:85

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَاذَا تَعْبُدُونَ ٨٥

Iz qaala li abeehi wa qawmihee maazaa ta`budoon

සිංහලසිංහල පරිවර්තනය

‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියාට හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

86අස්-සාෆ්ෆාත් 37:86

أَئِفْكًا ءَالِهَةً دُونَ اللَّهِ تُرِيدُونَ ٨٦

A`ifkan aalihatan doonal laahi tureedoon

සිංහලසිංහල පරිවර්තනය

“අල්ලාහ් හැර මවා ගත් දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”

87අස්-සාෆ්ෆාත් 37:87

فَمَا ظَنُّكُم بِرَبِّ الْعَٰلَمِينَ ٨٧

Famaa zannukum bi Rabbil`aalameen

සිංහලසිංහල පරිවර්තනය

“එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”

88අස්-සාෆ්ෆාත් 37:88

فَنَظَرَ نَظْرَةً فِى النُّجُومِ ٨٨

Fanazara nazratan finnujoom

සිංහලසිංහල පරිවර්තනය

එවිට ඔහු (ඉබ්රාහීම්) තාරකා දෙස අධීක්ෂණයෙන් බැලුවේය.

89අස්-සාෆ්ෆාත් 37:89

فَقَالَ إِنِّى سَقِيمٌ ٨٩

Faqaala inee saqeem

සිංහලසිංහල පරිවර්තනය

පසුව ‘නියත වශයෙන්ම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේය.

90අස්-සාෆ්ෆාත් 37:90

فَتَوَلَّوْا۟ عَنْهُ مُدْبِرِينَ ٩٠

Fatawallaw `anhu mudbireen

සිංහලසිංහල පරිවර්තනය

(ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔවුහු පිටුපාන්නන් ලෙසින් ඔහුගෙන් හැරී ගියෝය.

91අස්-සාෆ්ෆාත් 37:91

فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ ٩١

Faraagha ilaaa aalihatihim faqaala alaa taakuloon

සිංහලසිංහල පරිවර්තනය

පසු ව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ ගොස් “නුඹලා අනුභව නොකරන්නෙහුදැ?” යි විමසා සිටියේය.

92අස්-සාෆ්ෆාත් 37:92

مَا لَكُمْ لَا تَنطِقُونَ ٩٢

Maa lakum laa tantiqoon

සිංහලසිංහල පරිවර්තනය

නුඹලා කතා නොකර සිටීමට නුඹලාට කුමක් වීද?

93අස්-සාෆ්ෆාත් 37:93

فَرَاغَ عَلَيْهِمْ ضَرْبًۢا بِالْيَمِينِ ٩٣

Faraagha `alaihim darbam bilyameen

සිංහලසිංහල පරිවර්තනය

පසු ව ඔහු (ඉබ්රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේය.

94අස්-සාෆ්ෆාත් 37:94

فَأَقْبَلُوٓا۟ إِلَيْهِ يَزِفُّونَ ٩٤

Fa aqbalooo ilaihi yaziffoon

සිංහලසිංහල පරිවර්තනය

එවිට (ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔහු වෙත වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට ආවෝය.

95අස්-සාෆ්ෆාත් 37:95

قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ ٩٥

Qaala ata`budoona maa tanhitoon

සිංහලසිංහල පරිවර්තනය

එවිට “නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහුදැ?”යි ඔහු (ඉබ්රාහීම්) විමසුවේය.

96අස්-සාෆ්ෆාත් 37:96

وَاللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ ٩٦

Wallaahu khalaqakum wa maa ta`maloon

සිංහලසිංහල පරිවර්තනය

තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මවා ඇත්තේය.

97අස්-සාෆ්ෆාත් 37:97

قَالُوا۟ ابْنُوا۟ لَهُۥ بُنْيَٰنًا فَأَلْقُوهُ فِى الْجَحِيمِ ٩٧

Qaalub noo lahoo bun yaanan fa alqoohu fil jaheem

සිංහලසිංහල පරිවර්තනය

“ඔහු (ඉබ්රාහීම්) වෙනුවෙන් යම් ඉඳිකිරීමක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ.

98අස්-සාෆ්ෆාත් 37:98

فَأَرَادُوا۟ بِهِۦ كَيْدًا فَجَعَلْنَٰهُمُ الْأَسْفَلِينَ ٩٨

Fa araadoo bihee kaidan faja `alnaahumul asfaleen

සිංහලසිංහල පරිවර්තනය

එවිට ඔවුහු ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළෝය. එහෙයින් අපි ඔවුන් පහත්වූවන් බවට පත් කළෙමු.

99අස්-සාෆ්ෆාත් 37:99

وَقَالَ إِنِّى ذَاهِبٌ إِلَىٰ رَبِّى سَيَهْدِينِ ٩٩

Wa qaala innee zaahibun ilaa Rabbee sa yahdeen

සිංහලසිංහල පරිවර්තනය

“නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙත යන්නෙකු වෙමි. ඔහු මට මග පෙන්වනු ඇතැයි” ඔහු පැවසුවේය.

100අස්-සාෆ්ෆාත් 37:100

رَبِّ هَبْ لِى مِنَ الصَّٰلِحِينَ ١٠٠

Rabbi hab lee minas saaliheen

සිංහලසිංහල පරිවර්තනය

මාගේ පරමාධිපතියාණනි! මා හට දැහැමියන් අතරින් කෙනෙකු පිරිනමනු (යැයි ඉබ්රාහීම් පැවසුවේය.)

101අස්-සාෆ්ෆාත් 37:101

فَبَشَّرْنَٰهُ بِغُلَٰمٍ حَلِيمٍ ١٠١

Fabashsharnaahu bighulaamin haleem

සිංහලසිංහල පරිවර්තනය

එවිට ඉවසිලිවන්ත දරුවකු පිළිබඳ ව අපි ඔහුට ශුභාරංචි දැන් වූයෙමු.

102අස්-සාෆ්ෆාත් 37:102

فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْىَ قَالَ يَٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى الْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ فَانظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَٰٓأَبَتِ افْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِىٓ إِن شَآءَ اللَّهُ مِنَ الصَّٰبِرِينَ ١٠٢

Falamma balagha ma`a hus sa`ya qaala yaa buniya inneee araa fil manaami anneee azbahuka fanzur maazaa taraa; qaala yaaa abatif `al maa tu`maru satajidunee in shaaa`allaahu minas saabireen

සිංහලසිංහල පරිවර්තනය

ඔහු (ඉබ්රාහීම්) සමග වෙහෙසන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන්ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක්දැයි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසීය.

103අස්-සාෆ්ෆාත් 37:103

فَلَمَّآ أَسْلَمَا وَتَلَّهُۥ لِلْجَبِينِ ١٠٣

Falammaaa aslamaa wa tallahoo liljabeen

සිංහලසිංහල පරිවර්තනය

පසු ව ඔවුන් දෙදෙනා (අල්ලාහ්ගේ අභිමතයට) එකඟ වූ කල්හි (ඉබ්රාහීම්) ඔහු (ඉස්මායිල් වන) ඔහු ව මුණින් අතට පෙරළා දැමීය.

104අස්-සාෆ්ෆාත් 37:104

وَنَٰدَيْنَٰهُ أَن يَٰٓإِبْرَٰهِيمُ ١٠٤

Wa naadainaahu ai yaaaa Ibraheem

සිංහලසිංහල පරිවර්තනය

තවද ‘අහෝ ඉබ්රාහීම්!’ යැයි අපි ඔහු ඇමතුවෙමු.

105අස්-සාෆ්ෆාත් 37:105

قَدْ صَدَّقْتَ الرُّءْيَآ ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِى الْمُحْسِنِينَ ١٠٥

Qad saddaqtar ru`yaa; innaa kazaalika najzil muhsineen

සිංහලසිංහල පරිවර්තනය

“සැබැවින්ම ඔබ සිහිනය සැබෑ කළෙහිය.” නියත වශයෙන්ම අපි එලෙසය දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

106අස්-සාෆ්ෆාත් 37:106

إِنَّ هَٰذَا لَهُوَ الْبَلَٰٓؤُا۟ الْمُبِينُ ١٠٦

Inna haazaa lahuwal balaaa`ul mubeen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම පැහැදිලි පරීක්ෂාව මෙයමය.

107අස්-සාෆ්ෆාත් 37:107

وَفَدَيْنَٰهُ بِذِبْحٍ عَظِيمٍ ١٠٧

Wa fadainaahu bizibhin `azeem

සිංහලසිංහල පරිවර්තනය

තවද මහත් වූ (සත්ව) කැපයක් අපි ඔහුට ඇප වශයෙන් පිරිනැමුවෙමු.

108අස්-සාෆ්ෆාත් 37:108

وَتَرَكْنَا عَلَيْهِ فِى الْءَاخِرِينَ ١٠٨

Wa taraknaa `alaihi fil aakhireen

සිංහලසිංහල පරිවර්තනය

තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.

109අස්-සාෆ්ෆාත් 37:109

سَلَٰمٌ عَلَىٰٓ إِبْرَٰهِيمَ ١٠٩

Salaamun `alaaa Ibraaheem

සිංහලසිංහල පරිවර්තනය

“ඉබ්රාහීම් වෙත ශාන්තිය අත්වේවා!”

110අස්-සාෆ්ෆාත් 37:110

كَذَٰلِكَ نَجْزِى الْمُحْسِنِينَ ١١٠

Kazaalika najzil muhsineen

සිංහලසිංහල පරිවර්තනය

අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.

111අස්-සාෆ්ෆාත් 37:111

إِنَّهُۥ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ ١١١

Innahoo min `ibaadinal mu`mineen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.

112අස්-සාෆ්ෆාත් 37:112

وَبَشَّرْنَٰهُ بِإِسْحَٰقَ نَبِيًّا مِّنَ الصَّٰلِحِينَ ١١٢

Wa bashsharnaahu bi Ishaaqa Nabiyayam minas saaliheen

සිංහලසිංහල පරිවර්තනය

තවද අපි දැහැමියන් අතරින් වක්තෘවරයකු වශයෙන් ඉස්හාක් පිළිබඳව ඔහුට (ඉබ්රාහීම්ට) ශුභාරංචි දැන්වූයෙමු.

113අස්-සාෆ්ෆාත් 37:113

وَبَٰرَكْنَا عَلَيْهِ وَعَلَىٰٓ إِسْحَٰقَ ۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِّنَفْسِهِۦ مُبِينٌ ١١٣

Wa baaraknaa `alaihi wa `alaaa Ishaaq; wa min zurriyya tihimaa muhsinunw wa zaalimul linafshihee mubeen

සිංහලසිංහල පරිවර්තනය

තවද අපි ඔහු (ඉබ්රාහීම්) වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්‍රකට ලෙස තමන්ටම අපරාධ කර ගන්නා අය ද විය.

114අස්-සාෆ්ෆාත් 37:114

وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ١١٤

Wa laqad mananna alaa Moosaa wa Haaroon

සිංහලසිංහල පරිවර්තනය

තවද සැබැවින්ම අපි මූසා හා හාරූන් වෙත උපකාර කළෙමු.

115අස්-සාෆ්ෆාත් 37:115

وَنَجَّيْنَٰهُمَا وَقَوْمَهُمَا مِنَ الْكَرْبِ الْعَظِيمِ ١١٥

Wa najjainaahumaa wa qawmahumaa minal karbil `azeem

සිංහලසිංහල පරිවර්තනය

තවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්යසනයෙන් මුදවා ගත්තෙමු.

116අස්-සාෆ්ෆාත් 37:116

وَنَصَرْنَٰهُمْ فَكَانُوا۟ هُمُ الْغَٰلِبِينَ ١١٦

Wa nasarnaahum fakaanoo humul ghaalibeen

සිංහලසිංහල පරිවර්තනය

තවද අපි ඔවුනට උදව් කළෙමු. එහෙයින් ඔවුහු ජය ලබන්නන් වූහ.

117අස්-සාෆ්ෆාත් 37:117

وَءَاتَيْنَٰهُمَا الْكِتَٰبَ الْمُسْتَبِينَ ١١٧

Wa aatainaahumal Kitaabal mustabeen

සිංහලසිංහල පරිවර්තනය

තවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු.

118අස්-සාෆ්ෆාත් 37:118

وَهَدَيْنَٰهُمَا الصِّرَٰطَ الْمُسْتَقِيمَ ١١٨

Wa hadainaahumus Siraatal Mustaqeem

සිංහලසිංහල පරිවර්තනය

තවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට මග පෙන්වූයෙමු.

119අස්-සාෆ්ෆාත් 37:119

وَتَرَكْنَا عَلَيْهِمَا فِى الْءَاخِرِينَ ١١٩

Wa taraknaa `alaihimaa fil aakhireen

සිංහලසිංහල පරිවර්තනය

තවද පසු පැමිණි පරපුර අතර ඔවුන් දෙදෙනා පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.

120අස්-සාෆ්ෆාත් 37:120

سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ١٢٠

Salaamun `alaa Moosaa wa Haaroon

සිංහලසිංහල පරිවර්තනය

තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!

121අස්-සාෆ්ෆාත් 37:121

إِنَّا كَذَٰلِكَ نَجْزِى الْمُحْسِنِينَ ١٢١

Innaa kazaalika najzil muhsineen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම අපි දැහැමියන්ට ත්යාග පිරිනමනුයේ එලෙසය.

122අස්-සාෆ්ෆාත් 37:122

إِنَّهُمَا مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ ١٢٢

Innahumaa min `ibaadinal mu`mineen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් වෙති.

123අස්-සාෆ්ෆාත් 37:123

وَإِنَّ إِلْيَاسَ لَمِنَ الْمُرْسَلِينَ ١٢٣

Wa inna Ilyaasa laminal mursaleen

සිංහලසිංහල පරිවර්තනය

තවද නියත වශයෙන්ම ඉල්යාස් ධර්ම දූතයින් අතරිනි.

124අස්-සාෆ්ෆාත් 37:124

إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَلَا تَتَّقُونَ ١٢٤

Iz qaala liqawmiheee alaa tattaqoon

සිංහලසිංහල පරිවර්තනය

“නුඹලා බැතිමත් නොවන්නෙහු දැ”යි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහියට නගනු.

125අස්-සාෆ්ෆාත් 37:125

أَتَدْعُونَ بَعْلًا وَتَذَرُونَ أَحْسَنَ الْخَٰلِقِينَ ١٢٥

Atad`oona Ba`lanw wa tazaroona ahsanal khaaliqeen

සිංහලසිංහල පරිවර්තනය

“මැවුම්කරුවන්ගෙන් වඩාත් විශිෂ්ටයා අතහැර දමා නුඹලා බඅල් නම් වෙනත් දෙවියකුට ඇරයුම් කරන්නෙහු ද?

126අස්-සාෆ්ෆාත් 37:126

اللَّهَ رَبَّكُمْ وَرَبَّ ءَابَآئِكُمُ الْأَوَّلِينَ ١٢٦

Allaaha Rabbakum wa Rabba aabaaa`ikumul awwaleen

සිංහලසිංහල පරිවර්තනය

ඔහු නුඹලාගේ පරමාධිපති වූ ද නුඹලාගේ මුල් මුතුන්මිත්තන්ගේ පරමාධිපති වූ අල්ලාහ් ය.

127අස්-සාෆ්ෆාත් 37:127

فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ ١٢٧

Fakazzaboohu fa inna hum lamuhdaroon

සිංහලසිංහල පරිවර්තනය

නමුත් ඔවුහු ඔහු බොරු කළෝය. සැබැවින්ම ඔවුහු (විනිශ්චය වෙත) ඉදිරිපත් කරනු ලබන්නෝ වෙති.

128අස්-සාෆ්ෆාත් 37:128

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ ١٢٨

Illaa `ibaadal laahil mukhlaseen

සිංහලසිංහල පරිවර්තනය

නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.

129අස්-සාෆ්ෆාත් 37:129

وَتَرَكْنَا عَلَيْهِ فِى الْءَاخِرِينَ ١٢٩

Wa taraknaa `alaihi fil aakhireen

සිංහලසිංහල පරිවර්තනය

තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.

130අස්-සාෆ්ෆාත් 37:130

سَلَٰمٌ عَلَىٰٓ إِلْ يَاسِينَ ١٣٠

Salaamun `alaaa Ilyaaseen

සිංහලසිංහල පරිවර්තනය

ඉල්යාසීන් වෙත ශාන්තිය අත්වේවා!

131අස්-සාෆ්ෆාත් 37:131

إِنَّا كَذَٰلِكَ نَجْزِى الْمُحْسِنِينَ ١٣١

Innaa kazaalika najzil muhsineen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.

132අස්-සාෆ්ෆාත් 37:132

إِنَّهُۥ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ ١٣٢

Innahoo min `ibaadinal mu`mineen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.

133අස්-සාෆ්ෆාත් 37:133

وَإِنَّ لُوطًا لَّمِنَ الْمُرْسَلِينَ ١٣٣

Wa inna Lootal laminal mursaleen

සිංහලසිංහල පරිවර්තනය

තවද නියත වශයෙන්ම ලූත් ධර්ම දූතයින් අතරිනි.

134අස්-සාෆ්ෆාත් 37:134

إِذْ نَجَّيْنَٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ ١٣٤

Iz najjainaahu wa ahlahooo ajma`een

සිංහලසිංහල පරිවර්තනය

ඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු.

135අස්-සාෆ්ෆාත් 37:135

إِلَّا عَجُوزًا فِى الْغَٰبِرِينَ ١٣٥

Illaa `ajoozan fil ghaabireen

සිංහලසිංහල පරිවර්තනය

ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර (ඇය දඬුවම් ලැබුවන් සමගය).

136අස්-සාෆ්ෆාත් 37:136

ثُمَّ دَمَّرْنَا الْءَاخَرِينَ ١٣٦

Summa dammarnal aakhareen

සිංහලසිංහල පරිවර්තනය

පසු ව අපි සෙස්සන් සහමුලින්ම විනාශ කළෙමු.

137අස්-සාෆ්ෆාත් 37:137

وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ ١٣٧

Wa innakum latamurroona `alaihim musbiheen

සිංහලසිංහල පරිවර්තනය

තවද නියත වශයෙන්ම නුඹලා උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහුය.

138අස්-සාෆ්ෆාත් 37:138

وَبِالَّيْلِ ۗ أَفَلَا تَعْقِلُونَ ١٣٨

Wa billail; afalaa ta`qiloon

සිංහලසිංහල පරිවර්තනය

රාත්‍රියෙහි ද (ගමන් ගන්නෙහුය). එහෙයින් නුඹලා වටහා නොගන්නෙහු ද?

139අස්-සාෆ්ෆාත් 37:139

وَإِنَّ يُونُسَ لَمِنَ الْمُرْسَلِينَ ١٣٩

Wa inna Yoonusa laminal mursaleen

සිංහලසිංහල පරිවර්තනය

තවද නියත වශයෙන්ම යූනුස් ධර්ම දූතයින් අතරිනි.

140අස්-සාෆ්ෆාත් 37:140

إِذْ أَبَقَ إِلَى الْفُلْكِ الْمَشْحُونِ ١٤٠

Iz abaqa ilal fulkil mash hoon

සිංහලසිංහල පරිවර්තනය

පටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව සිහියට නගනු.

141අස්-සාෆ්ෆාත් 37:141

فَسَاهَمَ فَكَانَ مِنَ الْمُدْحَضِينَ ١٤١

Fasaahama fakaana minal mudhadeen

සිංහලසිංහල පරිවර්තනය

එවිට (නැවෙහි සිටි අයවළුන්) කුසපත් ඇද්දේය. එවිට ඔහු පරාජිතයින් අතරින් විය.

142අස්-සාෆ්ෆාත් 37:142

فَالْتَقَمَهُ الْحُوتُ وَهُوَ مُلِيمٌ ١٤٢

Faltaqamahul hootu wa huwa muleem

සිංහලසිංහල පරිවර්තනය

පසු ව ඔහු දොස් නගනු ලැබූ තත්ත්වයේ මත්සයා ඔහු ගිල දැමීය.

143අස්-සාෆ්ෆාත් 37:143

فَلَوْلَآ أَنَّهُۥ كَانَ مِنَ الْمُسَبِّحِينَ ١٤٣

Falaw laaa annahoo kaana minal musabbiheen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම ඔහු සුවිශුද්ධ කරන්නන් අතරින් කෙනෙකු නොවී නම්,

144අස්-සාෆ්ෆාත් 37:144

لَلَبِثَ فِى بَطْنِهِۦٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ١٤٤

Lalabisa fee batniheee ilaa Yawmi yub`asoon

සිංහලසිංහල පරිවර්තනය

ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා උගේ කුස තුළ රැඳෙන්නට තිබුණි.

145අස්-සාෆ්ෆාත් 37:145

۞ فَنَبَذْنَٰهُ بِالْعَرَآءِ وَهُوَ سَقِيمٌ ١٤٥

Fanabaznaahu bil`araaa`i wa huwa saqeem

සිංහලසිංහල පරිවර්තනය

එවිට ඔහු රෝගී ව සිටිය දී අපි ඔහු පාළු වෙරළකට හෙළුවෙමු.

146අස්-සාෆ්ෆාත් 37:146

وَأَنۢبَتْنَا عَلَيْهِ شَجَرَةً مِّن يَقْطِينٍ ١٤٦

Wa ambatnaa `alaihi shajaratam mai yaqteen

සිංහලසිංහල පරිවර්තනය

තවද අපි ඒ මත වැල් වලින් යුත් ගසක් හට ගැන්වූයෙමු.

147අස්-සාෆ්ෆාත් 37:147

وَأَرْسَلْنَٰهُ إِلَىٰ مِا۟ئَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ ١٤٧

Wa arsalnaahu ilaa mi`ati alfin aw yazeedoon

සිංහලසිංහල පරිවර්තනය

තවද අපි ඔහු සිය දහසක් දෙනා වෙත හෝ (ඊට වඩා) අධික වූ අය වෙත ධර්ම දූතයකු ලෙස එව්වෙමු.

148අස්-සාෆ්ෆාත් 37:148

فَـَٔامَنُوا۟ فَمَتَّعْنَٰهُمْ إِلَىٰ حِينٍ ١٤٨

Fa aamanoo famatta` naahum ilaa heen

සිංහලසිංහල පරිවර්තනය

එවිට ඔවුහු විශ්වාස කළෝය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු.

149අස්-සාෆ්ෆාත් 37:149

فَاسْتَفْتِهِمْ أَلِرَبِّكَ الْبَنَاتُ وَلَهُمُ الْبَنُونَ ١٤٩

Fastaftihim ali Rabbikal banaatu wa lahumul banoon

සිංහලසිංහල පරිවර්තනය

පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් සතු දැයි යන්න වග (නබිවරය!) ඔවුන්ගෙන් නුඹ කරුණු විමසනු.

150අස්-සාෆ්ෆාත් 37:150

أَمْ خَلَقْنَا الْمَلَٰٓئِكَةَ إِنَٰثًا وَهُمْ شَٰهِدُونَ ١٥٠

Am khalaqnal malaaa`i kata inaasanw wa hm shaahidoon

සිංහලසිංහල පරිවර්තනය

එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?

151අස්-සාෆ්ෆාත් 37:151

أَلَآ إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ ١٥١

Alaaa innahum min ifkihim la yaqooloon

සිංහලසිංහල පරිවර්තනය

දැනගනු! නියත වශයෙන්ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ..

152අස්-සාෆ්ෆාත් 37:152

وَلَدَ اللَّهُ وَإِنَّهُمْ لَكَٰذِبُونَ ١٥٢

Waladal laahu wa innhum lakaaziboon

සිංහලසිංහල පරිවර්තනය

අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.

153අස්-සාෆ්ෆාත් 37:153

أَصْطَفَى الْبَنَاتِ عَلَى الْبَنِينَ ١٥٣

Astafal banaati `alal baneen

සිංහලසිංහල පරිවර්තනය

ඔහු පුතුන්ට වඩා දූවරුන් තෝරා ගත්තේද?

154අස්-සාෆ්ෆාත් 37:154

مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ١٥٤

Maa lakum kaifa tahkumoon

සිංහලසිංහල පරිවර්තනය

නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?

155අස්-සාෆ්ෆාත් 37:155

أَفَلَا تَذَكَّرُونَ ١٥٥

Afalaa tazakkaroon

සිංහලසිංහල පරිවර්තනය

නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?

156අස්-සාෆ්ෆාත් 37:156

أَمْ لَكُمْ سُلْطَٰنٌ مُّبِينٌ ١٥٦

Am lakum sultaanum mubeen

සිංහලසිංහල පරිවර්තනය

නැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි සාධකයක් තිබේ ද?

157අස්-සාෆ්ෆාත් 37:157

فَأْتُوا۟ بِكِتَٰبِكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ ١٥٧

Faatoo bi Kitaabikum in kuntum saadiqeen

සිංහලසිංහල පරිවර්තනය

එසේ නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ පුස්තකය ගෙන එනු.

158අස්-සාෆ්ෆාත් 37:158

وَجَعَلُوا۟ بَيْنَهُۥ وَبَيْنَ الْجِنَّةِ نَسَبًا ۚ وَلَقَدْ عَلِمَتِ الْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ ١٥٨

Wa ja`aloo bainahoo wa bainal jinnati nasabaa; wa laqad `alimatil jinnatu innahum lamuhdaroon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝය. තවද නියත වශයෙන්ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්වරුන් සැබැවින්ම දැනගත්තෝය.

159අස්-සාෆ්ෆාත් 37:159

سُبْحَٰنَ اللَّهِ عَمَّا يَصِفُونَ ١٥٩

Subhaanal laahi `ammaa yasifoon

සිංහලසිංහල පරිවර්තනය

ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.

160අස්-සාෆ්ෆාත් 37:160

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ ١٦٠

Illaa `ibaadal laahil mukhlaseen

සිංහලසිංහල පරිවර්තනය

නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.

161අස්-සාෆ්ෆාත් 37:161

فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ ١٦١

Fa innakum wa maa ta`ubdoon

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් සැබැවින්ම නුඹලා හා නුඹලා නමදින දෑ වනාහි...

162අස්-සාෆ්ෆාත් 37:162

مَآ أَنتُمْ عَلَيْهِ بِفَٰتِنِينَ ١٦٢

Maaa antum `alaihi befaaatineen

සිංහලසිංහල පරිවර්තනය

නුඹලා ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස නැත.

163අස්-සාෆ්ෆාත් 37:163

إِلَّا مَنْ هُوَ صَالِ الْجَحِيمِ ١٦٣

Illaa man huwa saalil jaheem

සිංහලසිංහල පරිවර්තනය

නිරා ගින්නට පිවිස දැවීමට නියම කරනු ලැබුවන් හැර.

164අස්-සාෆ්ෆාත් 37:164

وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌ مَّعْلُومٌ ١٦٤

Wa maa minnasa illaa lahoo maqaamum ma`loom

සිංහලසිංහල පරිවර්තනය

අපගෙන් වූ කිසිවෙක් වෙත් නම් ඔහුට නියම කරනු ලැබූ ස්ථානයක් තිබෙන්නේමය.

165අස්-සාෆ්ෆාත් 37:165

وَإِنَّا لَنَحْنُ الصَّآفُّونَ ١٦٥

Wa innaa llanah nus saaffoon

සිංහලසිංහල පරිවර්තනය

තවද නියත වශයෙන්ම අපමය පෙළගැසෙන්නෝ.

166අස්-සාෆ්ෆාත් 37:166

وَإِنَّا لَنَحْنُ الْمُسَبِّحُونَ ١٦٦

Wa innaa lanah nul musabbihoon

සිංහලසිංහල පරිවර්තනය

තවද නියත වශයෙන්ම අපමය පිවිතුරු කරන්නෝ. (යැයි මලක්වරු පවසති.)

167අස්-සාෆ්ෆාත් 37:167

وَإِن كَانُوا۟ لَيَقُولُونَ ١٦٧

Wa in kaanoo la yaqooloon

සිංහලසිංහල පරිවර්තනය

තවද (දේවත්වයට ආදේශ කරන්නන් වන) ඔවුහු (මෙසේ) පවසමින් සිටියෝය.

168අස්-සාෆ්ෆාත් 37:168

لَوْ أَنَّ عِندَنَا ذِكْرًا مِّنَ الْأَوَّلِينَ ١٦٨

Law anna `indana zikram minal awwaleen

සිංහලසිංහල පරිවර්තනය

(එනම්) මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින්ම අප වෙත තිබුණේ නම්,

169අස්-සාෆ්ෆාත් 37:169

لَكُنَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ ١٦٩

Lakunna `ibaadal laahil mukhlaseen

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝය.)

170අස්-සාෆ්ෆාත් 37:170

فَكَفَرُوا۟ بِهِۦ ۖ فَسَوْفَ يَعْلَمُونَ ١٧٠

Fakafaroo bihee fasawfa ya`lamoon

සිංහලසිංහල පරිවර්තනය

නමුත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.

171අස්-සාෆ්ෆාත් 37:171

وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِينَ ١٧١

Wa laqad sabaqat Kalimatunaa li`ibaadinal mursa leen

සිංහලසිංහල පරිවර්තනය

තවද ධර්ම දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන් හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින්ම පෙරටු විය.

172අස්-සාෆ්ෆාත් 37:172

إِنَّهُمْ لَهُمُ الْمَنصُورُونَ ١٧٢

Innaa hum lahumul mansooroon

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම ඔවුහුමය උදව් කරනු ලබන්නෝ.

173අස්-සාෆ්ෆාත් 37:173

وَإِنَّ جُندَنَا لَهُمُ الْغَٰلِبُونَ ١٧٣

Wa inna jundana lahumul ghaaliboon

සිංහලසිංහල පරිවර්තනය

තවද නියත වශයෙන්ම අපගේ සේනාව වන ඔවුහුමය (අබිබවා යමින්) ජය ලබන්නෝ.

174අස්-සාෆ්ෆාත් 37:174

فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ ١٧٤

Fatawalla `anhum hatta heen

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් (නබිවරය!) නුඹ මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු.

175අස්-සාෆ්ෆාත් 37:175

وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ ١٧٥

Wa absirhum fasawfa yubsiroon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.

176අස්-සාෆ්ෆාත් 37:176

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ ١٧٦

Afabi`azaabinaa yasta`jiloon

සිංහලසිංහල පරිවර්තනය

එසේ අපගේ දඬුවම ද ඔවුන් ඉක්මණින් පතනුයේ?

177අස්-සාෆ්ෆාත් 37:177

فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَآءَ صَبَاحُ الْمُنذَرِينَ ١٧٧

Fa izaa nazala bisaahatihim fasaaa`a sabaahul munzareen

සිංහලසිංහල පරිවර්තනය

පසුව එය (අපේ දඬුවම) ඔවුන්ගේ මිදුලට පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය.

178අස්-සාෆ්ෆාත් 37:178

وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ ١٧٨

Wa tawalla `anhum hattaa heen

සිංහලසිංහල පරිවර්තනය

තවද මද කලක් දක්වා ඔවුන්ගෙන් නුඹ ඉවත් ව සිටිනු.

179අස්-සාෆ්ෆාත් 37:179

وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ ١٧٩

Wa absir fasawfa yubsiroon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.

180අස්-සාෆ්ෆාත් 37:180

سُبْحَٰنَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ ١٨٠

Subhaana Rabbika Rabbil `izzati `amma yasifoon

සිංහලසිංහල පරිවර්තනය

ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.

181අස්-සාෆ්ෆාත් 37:181

وَسَلَٰمٌ عَلَى الْمُرْسَلِينَ ١٨١

Wa salaamun `alalmursaleen

සිංහලසිංහල පරිවර්තනය

තවද සියලුම ධර්ම දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා!

182අස්-සාෆ්ෆාත් 37:182

وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَٰلَمِينَ ١٨٢

Walhamdu lillaahi Rabbil `aalameen

සිංහලසිංහල පරිවර්තනය

තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමිය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම