قرآن دیسیQuran Desi
سُورَةُ البروج

සූරා අල්-බුරූජ්

Surah Buruj
සූරා 85මක්කී22 වාක්‍යපිටුව 590
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අල්-බුරූජ් 85:1

وَالسَّمَآءِ ذَاتِ الْبُرُوجِ ١

Wassamaaa`i zaatil burooj

සිංහලසිංහල පරිවර්තනය

ග්‍රහ මණ්ඩල වලින් යුත් අහස මත දිවුරමින්,

2අල්-බුරූජ් 85:2

وَالْيَوْمِ الْمَوْعُودِ ٢

Wal yawmil maw`ood

සිංහලසිංහල පරිවර්තනය

ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත දිවුරමින්.

3අල්-බුරූජ් 85:3

وَشَاهِدٍ وَمَشْهُودٍ ٣

Wa shaahidinw wa mashhood

සිංහලසිංහල පරිවර්තනය

සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.

4අල්-බුරූජ් 85:4

قُتِلَ أَصْحَٰبُ الْأُخْدُودِ ٤

Qutila as haabul ukhdood

සිංහලසිංහල පරිවර්තනය

අගල් වැසියෝ විනාශ කරනු ලැබුවෝය.

5අල්-බුරූජ් 85:5

النَّارِ ذَاتِ الْوَقُودِ ٥

Annaari zaatil waqood

සිංහලසිංහල පරිවර්තනය

(එය) ඉන්ධන වලින් යුක්ත ගින්නකි.

6අල්-බුරූජ් 85:6

إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ ٦

Iz hum `alaihaa qu`ood

සිංහලසිංහල පරිවර්තනය

ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය.

7අල්-බුරූජ් 85:7

وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ ٧

Wa hum `alaa maa yaf`aloona bilmu `mineena shuhood

සිංහලසිංහල පරිවර්තනය

දේවත්වය විශ්වාස කරන්නන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් සිටියෝය.

8අල්-බුරූජ් 85:8

وَمَا نَقَمُوا۟ مِنْهُمْ إِلَّآ أَن يُؤْمِنُوا۟ بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ ٨

Wa maa naqamoo minhum illaaa aiyu`minoo billaahil `azeezil Hameed

සිංහලසිංහල පරිවර්තනය

ප්‍රශංසාලාභී සර්ව බලපරාක්රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීම හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය.

9අල්-බුරූජ් 85:9

الَّذِى لَهُۥ مُلْكُ السَّمَٰوَٰتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ ٩

Allazee lahoo mulkus samaawaati wal ard; wallaahu `alaa kulli shai `in Shaheed

සිංහලසිංහල පරිවර්තනය

ඔහු වනාහි අහස් හා මහපොළොවෙහි ආධිපත්‍ය සතු අයෙකි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.

10අල්-බුරූජ් 85:10

إِنَّ الَّذِينَ فَتَنُوا۟ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَٰتِ ثُمَّ لَمْ يَتُوبُوا۟ فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ ١٠

Innal lazeena fatanul mu`mineena wal mu`minaati summa lam yatooboo falahum `azaabu Jahannama wa lahum `azaabul hareeq

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන් හට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.

11අල්-බුරූජ් 85:11

إِنَّ الَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ الصَّٰلِحَٰتِ لَهُمْ جَنَّٰتٌ تَجْرِى مِن تَحْتِهَا الْأَنْهَٰرُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ ١١

Innal lazeena aamanoo wa `amilus saalihaati lahum Jannaatun tajree min tahtihal anhaar; zaalikal fawzul kabeer

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය.

12අල්-බුරූජ් 85:12

إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ ١٢

Inna batsha Rabbika lashadeed

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.

13අල්-බුරූජ් 85:13

إِنَّهُۥ هُوَ يُبْدِئُ وَيُعِيدُ ١٣

Innahoo Huwa yubdi`u wa yu`eed

සිංහලසිංහල පරිවර්තනය

(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.

14අල්-බුරූජ් 85:14

وَهُوَ الْغَفُورُ الْوَدُودُ ١٤

Wa Huwal Ghafoorul Wadood

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.

15අල්-බුරූජ් 85:15

ذُو الْعَرْشِ الْمَجِيدُ ١٥

Zul `Arshil Majeed

සිංහලසිංහල පරිවර්තනය

කීර්තිමත් අර්ෂ්හි හිමිකරු ය.

16අල්-බුරූජ් 85:16

فَعَّالٌ لِّمَا يُرِيدُ ١٦

Fa` `aalul limaa yureed

සිංහලසිංහල පරිවර්තනය

ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.

17අල්-බුරූජ් 85:17

هَلْ أَتَىٰكَ حَدِيثُ الْجُنُودِ ١٧

Hal ataaka hadeesul junood

සිංහලසිංහල පරිවර්තනය

(නබිවරය!) නුඹට සේනාවන්හි පුවත පැමිණියේ ද?

18අල්-බුරූජ් 85:18

فِرْعَوْنَ وَثَمُودَ ١٨

Fir`awna wa Samood

සිංහලසිංහල පරිවර්තනය

ෆිර්අවුන් හා සමූද් (සේනාවන්ගේ)

19අල්-බුරූජ් 85:19

بَلِ الَّذِينَ كَفَرُوا۟ فِى تَكْذِيبٍ ١٩

Balil lazeena kafaroo fee takzeeb

සිංහලසිංහල පරිවර්තනය

නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.

20අල්-බුරූජ් 85:20

وَاللَّهُ مِن وَرَآئِهِم مُّحِيطٌۢ ٢٠

Wallaahu minw waraaa`ihim muheet

සිංහලසිංහල පරිවර්තනය

තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.

21අල්-බුරූජ් 85:21

بَلْ هُوَ قُرْءَانٌ مَّجِيدٌ ٢١

Bal huwa Quraanum Majeed

සිංහලසිංහල පරිවර්තනය

නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ.

22අල්-බුරූජ් 85:22

فِى لَوْحٍ مَّحْفُوظٍۭ ٢٢

Fee Lawhim Mahfooz

සිංහලසිංහල පරිවර්තනය

(එය) ආරක්ෂිත ඵලකයෙහි.

දර්ශනය

අරාබි අකුරු

කියවීම