قرآن دیسیQuran Desi
سُورَةُ الإنشقاق

සූරා අල්-ඉන්ශිකාක්

Surah Inshiqaq
සූරා 84මක්කී25 වාක්‍යපිටුව 589
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අල්-ඉන්ශිකාක් 84:1

إِذَا السَّمَآءُ انشَقَّتْ ١

Izas samaaa`un shaqqat

සිංහලසිංහල පරිවර්තනය

අහස පැළී යන විට,

2අල්-ඉන්ශිකාක් 84:2

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ٢

Wa azinat li Rabbihaa wa huqqat

සිංහලසිංහල පරිවර්තනය

තවද එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.

3අල්-ඉන්ශිකාක් 84:3

وَإِذَا الْأَرْضُ مُدَّتْ ٣

Wa izal ardu muddat

සිංහලසිංහල පරිවර්තනය

මහපොළොව සමතලා කරනු ලැබ,

4අල්-ඉන්ශිකාක් 84:4

وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ ٤

Wa alqat maa feehaa wa takhallat

සිංහලසිංහල පරිවර්තනය

එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී,

5අල්-ඉන්ශිකාක් 84:5

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ٥

Wa azinat li Rabbihaa wa huqqat

සිංහලසිංහල පරිවර්තනය

එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.

6අල්-ඉන්ශිකාක් 84:6

يَٰٓأَيُّهَا الْإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَٰقِيهِ ٦

Yaaa ayyuhal insaanu innaka kaadihun ilaa Rabbika kad han famulaaqeeh

සිංහලසිංහල පරිවර්තනය

අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය.

7අල්-ඉන්ශිකාක් 84:7

فَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ ٧

Fa ammaa man ootiya kitaabahoo biyameenih

සිංහලසිංහල පරිවර්තනය

තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී,

8අල්-ඉන්ශිකාක් 84:8

فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا ٨

Fasawfa yuhaasabu hi saabai yaseeraa

සිංහලසිංහල පරිවර්තනය

ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.

9අල්-ඉන්ශිකාක් 84:9

وَيَنقَلِبُ إِلَىٰٓ أَهْلِهِۦ مَسْرُورًا ٩

Wa yanqalibu ilaaa ahlihee masrooraa

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත් ව හැරී යනු ඇත.

10අල්-ඉන්ශිකාක් 84:10

وَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهْرِهِۦ ١٠

Wa ammaa man ootiya kitaabahoo waraaa`a zahrih

සිංහලසිංහල පරිවර්තනය

තවද තම වාර්තා පොත තම පසුපසින් දෙනු ලැබූ අය වූ කලී,

11අල්-ඉන්ශිකාක් 84:11

فَسَوْفَ يَدْعُوا۟ ثُبُورًا ١١

Fasawfa yad`oo subooraa

සිංහලසිංහල පරිවර්තනය

ඔහු විනාශය පතනු ඇත.

12අල්-ඉන්ශිකාක් 84:12

وَيَصْلَىٰ سَعِيرًا ١٢

Wa yaslaa sa`eeraa

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත.

13අල්-ඉන්ශිකාක් 84:13

إِنَّهُۥ كَانَ فِىٓ أَهْلِهِۦ مَسْرُورًا ١٣

Innahoo kaana feee ahlihee masrooraa

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම ඔහු තම පවුලෙහි ප්රීතියට පත් වූවෙකු ලෙස සිටියේය.

14අල්-ඉන්ශිකාක් 84:14

إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ ١٤

Innahoo zanna al lai yahoor

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නොපැමිණෙන්නේමය යැයි සිතුවේය.

15අල්-ඉන්ශිකාක් 84:15

بَلَىٰٓ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرًا ١٥

Balaaa inna Rabbahoo kaana bihee baseeraa

සිංහලසිංහල පරිවර්තනය

එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.

16අල්-ඉන්ශිකාක් 84:16

فَلَآ أُقْسِمُ بِالشَّفَقِ ١٦

Falaaa uqsimu bishshafaq

සිංහලසිංහල පරිවර්තනය

තවද ගොම්මන මත ද මම දිවුරමි.

17අල්-ඉන්ශිකාක් 84:17

وَالَّيْلِ وَمَا وَسَقَ ١٧

Wallaili wa maa wasaq

සිංහලසිංහල පරිවර්තනය

රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,

18අල්-ඉන්ශිකාක් 84:18

وَالْقَمَرِ إِذَا اتَّسَقَ ١٨

Walqamari izat tasaq

සිංහලසිංහල පරිවර්තනය

චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.)

19අල්-ඉන්ශිකාක් 84:19

لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍ ١٩

Latarkabunna tabaqan `an tabaq

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහුමය.

20අල්-ඉන්ශිකාක් 84:20

فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ ٢٠

Famaa lahum laa yu`minoon

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් ඔවුහු විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?

21අල්-ඉන්ශිකාක් 84:21

وَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْءَانُ لَا يَسْجُدُونَ ۩ ٢١ ۩

Wa izaa quri`a `alaihimul Quraanu laa yasjudoon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නොකරති.

22අල්-ඉන්ශිකාක් 84:22

بَلِ الَّذِينَ كَفَرُوا۟ يُكَذِّبُونَ ٢٢

Balil lazeena kafaroo yukazziboon

සිංහලසිංහල පරිවර්තනය

නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් එය බොරු යැයි පවසන්නෝය.

23අල්-ඉන්ශිකාක් 84:23

وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ ٢٣

Wallaahu a`lamu bimaa yoo`oon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුන් සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය.

24අල්-ඉන්ශිකාක් 84:24

فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ ٢٤

Fabashshirhum bi`azaabin aleem

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.

25අල්-ඉන්ශිකාක් 84:25

إِلَّا الَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ الصَّٰلِحَٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۭ ٢٥

Illal lazeena aamanoo wa `amilus saalihaati lahum ajrun ghairu mamnoon

සිංහලසිංහල පරිවර්තනය

නමුත් විශ්වාස කොට දැහැමි දෑ කළවුන් හැර; ඔවුනට අඛණ්ඩ ප්‍රතිඵල ඇත.

දර්ශනය

අරාබි අකුරු

කියවීම