قرآن دیسیQuran Desi
سُورَةُ المطففين

සූරා අල්-මුතෆ්ෆිෆීන්

Surah Mutaffifin
සූරා 83මක්කී36 වාක්‍යපිටුව 587
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අල්-මුතෆ්ෆිෆීන් 83:1

وَيْلٌ لِّلْمُطَفِّفِينَ ١

Wailul lil mutaffifeen

සිංහලසිංහල පරිවර්තනය

කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශයමය.

2අල්-මුතෆ්ෆිෆීන් 83:2

الَّذِينَ إِذَا اكْتَالُوا۟ عَلَى النَّاسِ يَسْتَوْفُونَ ٢

Allazeena izak taaloo `alan naasi yastawfoon

සිංහලසිංහල පරිවර්තනය

ඔවුන් වනාහි මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන්ම කිරා ගනිති.

3අල්-මුතෆ්ෆිෆීන් 83:3

وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ ٣

Wa izaa kaaloohum aw wazanoohum yukhsiroon

සිංහලසිංහල පරිවර්තනය

කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.

4අල්-මුතෆ්ෆිෆීන් 83:4

أَلَا يَظُنُّ أُو۟لَٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ ٤

Alaa yazunnu ulaaa`ika annahum mab`oosoon

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නොසිතන්නෝ ද?

5අල්-මුතෆ්ෆිෆීන් 83:5

لِيَوْمٍ عَظِيمٍ ٥

Li Yawmin `Azeem

සිංහලසිංහල පරිවර්තනය

මහත් වූ දිනයක් සඳහා.

6අල්-මුතෆ්ෆිෆීන් 83:6

يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَٰلَمِينَ ٦

Yawma yaqoomun naasu li Rabbil `aalameen

සිංහලසිංහල පරිවර්තනය

එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.

7අල්-මුතෆ්ෆිෆීන් 83:7

كَلَّآ إِنَّ كِتَٰبَ الْفُجَّارِ لَفِى سِجِّينٍ ٧

Kallaaa inna kitaabal fujjaari lafee Sijjeen

සිංහලසිංහල පරිවර්තනය

නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේය.

8අල්-මුතෆ්ෆිෆීන් 83:8

وَمَآ أَدْرَىٰكَ مَا سِجِّينٌ ٨

Wa maa adraaka maa Sijjeen

සිංහලසිංහල පරිවර්තනය

(නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

9අල්-මුතෆ්ෆිෆීන් 83:9

كِتَٰبٌ مَّرْقُومٌ ٩

Kitaabum marqoom

සිංහලසිංහල පරිවර්තනය

(එය) ලියන ලද වාර්තා පොතකි.

10අල්-මුතෆ්ෆිෆීන් 83:10

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ١٠

Wailuny yawma`izil lil mukazzibeen

සිංහලසිංහල පරිවර්තනය

බොරු කරන්නන් හට එදින විනාශයය.

11අල්-මුතෆ්ෆිෆීන් 83:11

الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ ١١

Allazeena yukazziboona bi yawmid deen

සිංහලසිංහල පරිවර්තනය

මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.

12අල්-මුතෆ්ෆිෆීන් 83:12

وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ ١٢

Wa maa yukazzibu biheee illaa kullu mu`tadin aseem

සිංහලසිංහල පරිවර්තනය

සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නොකරනු ඇත.

13අල්-මුතෆ්ෆිෆීන් 83:13

إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ الْأَوَّلِينَ ١٣

Izaa tutlaa`alaihi aayaatunaa qaala asaateerul awwaleen

සිංහලසිංහල පරිවර්තනය

අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔහු පවසයි.

14අල්-මුතෆ්ෆිෆීන් 83:14

كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ ١٤

Kallaa bal raana `alaa quloobihim maa kaanoo yaksiboon

සිංහලසිංහල පරිවර්තනය

නොඑසේය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ (මගින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.

15අල්-මුතෆ්ෆිෆීන් 83:15

كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ ١٥

Kallaaa innahum `ar Rabbihim yawma`izil lamah jooboon

සිංහලසිංහල පරිවර්තනය

නොඑසේය. නියත වශයෙන්ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝය.

16අල්-මුතෆ්ෆිෆීන් 83:16

ثُمَّ إِنَّهُمْ لَصَالُوا۟ الْجَحِيمِ ١٦

Summa innahum lasaa lul jaheem

සිංහලසිංහල පරිවර්තනය

තවද නියත වශයෙන්ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.

17අල්-මුතෆ්ෆිෆීන් 83:17

ثُمَّ يُقَالُ هَٰذَا الَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ ١٧

Summa yuqaalu haazal lazee kuntum bihee tukazziboon

සිංහලසිංහල පරිවර්තනය

ඉන්පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.

18අල්-මුතෆ්ෆිෆීන් 83:18

كَلَّآ إِنَّ كِتَٰبَ الْأَبْرَارِ لَفِى عِلِّيِّينَ ١٨

Kallaaa inna kitaabal abraari lafee`Illiyyeen

සිංහලසිංහල පරිවර්තනය

නොඑසේය. නියත වශයෙන්ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය.

19අල්-මුතෆ්ෆිෆීන් 83:19

وَمَآ أَدْرَىٰكَ مَا عِلِّيُّونَ ١٩

Wa maaa adraaka maa `Illiyyoon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඉල්ලීයියීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

20අල්-මුතෆ්ෆිෆීන් 83:20

كِتَٰبٌ مَّرْقُومٌ ٢٠

Kitaabum marqoom

සිංහලසිංහල පරිවර්තනය

(එය) ලියන ලද වාර්තා පොතකි.

21අල්-මුතෆ්ෆිෆීන් 83:21

يَشْهَدُهُ الْمُقَرَّبُونَ ٢١

Yashhadu hul muqarra boon

සිංහලසිංහල පරිවර්තනය

(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරති.

22අල්-මුතෆ්ෆිෆීන් 83:22

إِنَّ الْأَبْرَارَ لَفِى نَعِيمٍ ٢٢

Innal abraara lafee Na`eem

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම දැහැමියෝ සැප පහසුකම් හි සිටිති.

23අල්-මුතෆ්ෆිෆීන් 83:23

عَلَى الْأَرَآئِكِ يَنظُرُونَ ٢٣

Alal araaa`iki yanzuroon

සිංහලසිංහල පරිවර්තනය

කවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටිති.

24අල්-මුතෆ්ෆිෆීන් 83:24

تَعْرِفُ فِى وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ ٢٤

Ta`rifu fee wujoohihim nadratan na`eem

සිංහලසිංහල පරිවර්තනය

(ඔවුනට ලැබුණු) සැප පහසුකම් හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.

25අල්-මුතෆ්ෆිෆීන් 83:25

يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍ ٢٥

Yusqawna mir raheeqim makhtoom

සිංහලසිංහල පරිවර්තනය

මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබති.

26අල්-මුතෆ්ෆිෆීන් 83:26

خِتَٰمُهُۥ مِسْكٌ ۚ وَفِى ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَٰفِسُونَ ٢٦

Khitaamuhoo misk; wa fee zaalika falyatanaafasil Mutanaafisoon

සිංහලසිංහල පරිවර්තනය

එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.

27අල්-මුතෆ්ෆිෆීන් 83:27

وَمِزَاجُهُۥ مِن تَسْنِيمٍ ٢٧

Wa mizaajuhoo min Tasneem

සිංහලසිංහල පරිවර්තනය

තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි.

28අල්-මුතෆ්ෆිෆීන් 83:28

عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ ٢٨

Ainaiy yashrabu bihal muqarraboon

සිංහලසිංහල පරිවර්තනය

එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතකි.

29අල්-මුතෆ්ෆිෆීන් 83:29

إِنَّ الَّذِينَ أَجْرَمُوا۟ كَانُوا۟ مِنَ الَّذِينَ ءَامَنُوا۟ يَضْحَكُونَ ٢٩

Innal lazeena ajramoo kaanoo minal lazeena aamanoo yadhakoon

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින් සිටියෝය.

30අල්-මුතෆ්ෆිෆීන් 83:30

وَإِذَا مَرُّوا۟ بِهِمْ يَتَغَامَزُونَ ٣٠

Wa izaa marroo bihim yataghaamazoon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගත්තෝය.

31අල්-මුතෆ්ෆිෆීන් 83:31

وَإِذَا انقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمُ انقَلَبُوا۟ فَكِهِينَ ٣١

Wa izan qalabooo ilaaa ahlihimun qalaboo fakiheen

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝය.

32අල්-මුතෆ්ෆිෆීන් 83:32

وَإِذَا رَأَوْهُمْ قَالُوٓا۟ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ ٣٢

Wa izaa ra awhum qaalooo inna haaa`ulaaa`i ladaaal loon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති.

33අල්-මුතෆ්ෆිෆීන් 83:33

وَمَآ أُرْسِلُوا۟ عَلَيْهِمْ حَٰفِظِينَ ٣٣

Wa maaa ursiloo `alaihim haafizeen

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය.

34අල්-මුතෆ්ෆිෆීන් 83:34

فَالْيَوْمَ الَّذِينَ ءَامَنُوا۟ مِنَ الْكُفَّارِ يَضْحَكُونَ ٣٤

Fal yawmal lazeena aamanoo minal kuffaari yadhakoon

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් අද දින විශ්වාස කළවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් දෙස බලා සිනාසෙති.

35අල්-මුතෆ්ෆිෆීන් 83:35

عَلَى الْأَرَآئِكِ يَنظُرُونَ ٣٥

Alal araaa`iki yanzuroon

සිංහලසිංහල පරිවර්තනය

සුව පහසු කවිච්චි මත වී සිරි නරඹති.

36අල්-මුතෆ්ෆිෆීන් 83:36

هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا۟ يَفْعَلُونَ ٣٦

Hal suwwibal kuffaaru maa kaanoo yaf`aloon

සිංහලසිංහල පරිවර්තනය

ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද?

දර්ශනය

අරාබි අකුරු

කියවීම