قرآن دیسیQuran Desi
سُورَةُ الإنفطار

සූරා අල්-ඉන්ෆිතාර්

Surah Infitar
සූරා 82මක්කී19 වාක්‍යපිටුව 587
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අල්-ඉන්ෆිතාර් 82:1

إِذَا السَّمَآءُ انفَطَرَتْ ١

Izas samaaa`un fatarat

සිංහලසිංහල පරිවර්තනය

අහස පිපිරී වෙන් ව ගිය විට,

2අල්-ඉන්ෆිතාර් 82:2

وَإِذَا الْكَوَاكِبُ انتَثَرَتْ ٢

Wa izal kawaakibun tasarat

සිංහලසිංහල පරිවර්තනය

තවද තාරුකා වැටී විසිරී ගිය විට,

3අල්-ඉන්ෆිතාර් 82:3

وَإِذَا الْبِحَارُ فُجِّرَتْ ٣

Wa izal bihaaru fujjirat

සිංහලසිංහල පරිවර්තනය

තවද සමුද්‍රයන් පුපුරා යන විට,

4අල්-ඉන්ෆිතාර් 82:4

وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ ٤

Wa izal qubooru bu`sirat

සිංහලසිංහල පරිවර්තනය

තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,

5අල්-ඉන්ෆිතාර් 82:5

عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ ٥

Alimat nafsum maa qaddamat wa akhkharat

සිංහලසිංහල පරිවර්තනය

සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.

6අල්-ඉන්ෆිතාර් 82:6

يَٰٓأَيُّهَا الْإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ ٦

Yaaa ayyuhal insaaanu maa gharraka bi Rabbikal kareem

සිංහලසිංහල පරිවර්තනය

අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මුළා කළේ කුමක් ද?

7අල්-ඉන්ෆිතාර් 82:7

الَّذِى خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ ٧

Allazee khalaqaka fasaw waaka fa`adalak

සිංහලසිංහල පරිවර්තනය

ඔහු නුඹ ව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේය.

8අල්-ඉන්ෆිතාර් 82:8

فِىٓ أَىِّ صُورَةٍ مَّا شَآءَ رَكَّبَكَ ٨

Feee ayye sooratim maa shaaa`a rakkabak

සිංහලසිංහල පරිවර්තනය

කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේය.)

9අල්-ඉන්ෆිතාර් 82:9

كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ ٩

Kalla bal tukazziboona bid deen

සිංහලසිංහල පරිවර්තනය

නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.

10අල්-ඉන්ෆිතාර් 82:10

وَإِنَّ عَلَيْكُمْ لَحَٰفِظِينَ ١٠

Wa inna `alaikum lahaa fizeen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් සිටිති.

11අල්-ඉන්ෆිතාර් 82:11

كِرَامًا كَٰتِبِينَ ١١

Kiraaman kaatibeen

සිංහලසිංහල පරිවර්තනය

(ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති.

12අල්-ඉන්ෆිතාර් 82:12

يَعْلَمُونَ مَا تَفْعَلُونَ ١٢

Ya`lamoona ma taf`aloon

සිංහලසිංහල පරිවර්තනය

ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝය.

13අල්-ඉන්ෆිතාර් 82:13

إِنَّ الْأَبْرَارَ لَفِى نَعِيمٍ ١٣

Innal abraara lafee na`eem

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම දැහැමියන් සුව සැපයෙහි ය.

14අල්-ඉන්ෆිතාර් 82:14

وَإِنَّ الْفُجَّارَ لَفِى جَحِيمٍ ١٤

Wa innal fujjaara lafee jaheem

සිංහලසිංහල පරිවර්තනය

තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.

15අල්-ඉන්ෆිතාර් 82:15

يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ ١٥

Yaslawnahaa Yawmad Deen

සිංහලසිංහල පරිවර්තනය

විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙනු ඇත.

16අල්-ඉන්ෆිතාර් 82:16

وَمَا هُمْ عَنْهَا بِغَآئِبِينَ ١٦

Wa maa hum `anhaa bighaaa `ibeen

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟවී සිටින්නන් නොවෙති.

17අල්-ඉන්ෆිතාර් 82:17

وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ الدِّينِ ١٧

Wa maaa adraaka maa Yawmud Deen

සිංහලසිංහල පරිවර්තනය

විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

18අල්-ඉන්ෆිතාර් 82:18

ثُمَّ مَآ أَدْرَىٰكَ مَا يَوْمُ الدِّينِ ١٨

Summa maaa adraaka maa Yawmud Deen

සිංහලසිංහල පරිවර්තනය

පසු ව ද විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

19අල්-ඉන්ෆිතාර් 82:19

يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْـًٔا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِّلَّهِ ١٩

Yawma laa tamliku nafsul linafsin shai`anw walamru yawma`izil lillaah

සිංහලසිංහල පරිවර්තනය

එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් බලය නොදරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් සතු ය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම