قرآن دیسیQuran Desi
سُورَةُ الطارق

සූරා අත්-තාරික්

Surah Tariq
සූරා 86මක්කී17 වාක්‍යපිටුව 591
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අත්-තාරික් 86:1

وَالسَّمَآءِ وَالطَّارِقِ ١

Wassamaaa`i wattaariq

සිංහලසිංහල පරිවර්තනය

අහස මත ද තාරික් මත ද දිවුරමින්,

2අත්-තාරික් 86:2

وَمَآ أَدْرَىٰكَ مَا الطَّارِقُ ٢

Wa maaa adraaka mattaariq

සිංහලසිංහල පරිවර්තනය

තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

3අත්-තාරික් 86:3

النَّجْمُ الثَّاقِبُ ٣

Annajmus saaqib

සිංහලසිංහල පරිවර්තනය

(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.

4අත්-තාරික් 86:4

إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ ٤

In kullu nafsil lammaa `alaihaa haafiz

සිංහලසිංහල පරිවර්තනය

නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.

5අත්-තාරික් 86:5

فَلْيَنظُرِ الْإِنسَٰنُ مِمَّ خُلِقَ ٥

Fal yanzuril insaanu mimma khuliq

සිංහලසිංහල පරිවර්තනය

මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !

6අත්-තාරික් 86:6

خُلِقَ مِن مَّآءٍ دَافِقٍ ٦

Khuliqa mim maaa`in daafiq

සිංහලසිංහල පරිවර්තනය

විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.

7අත්-තාරික් 86:7

يَخْرُجُ مِنۢ بَيْنِ الصُّلْبِ وَالتَّرَآئِبِ ٧

Yakhruju mim bainissulbi wat taraaa`ib

සිංහලසිංහල පරිවර්තනය

කොඳු ඇට පෙළ හා පපු පෙදෙස අතරින් එය පිට වේ.

8අත්-තාරික් 86:8

إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌ ٨

Innahoo `alaa raj`ihee laqaadir

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.

9අත්-තාරික් 86:9

يَوْمَ تُبْلَى السَّرَآئِرُ ٩

Yawma tublas saraaa`ir

සිංහලසිංහල පරිවර්තනය

එදින රහස්ය දෑ හෙළි කරනු ලැබේ.

10අත්-තාරික් 86:10

فَمَا لَهُۥ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ ١٠

Famaa lahoo min quwwatinw wa laa naasir

සිංහලසිංහල පරිවර්තනය

එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.

11අත්-තාරික් 86:11

وَالسَّمَآءِ ذَاتِ الرَّجْعِ ١١

Wassamaaa`i zaatir raj

සිංහලසිංහල පරිවර්තනය

තවද (වර්ෂාව) නැවත නැවතත් ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,

12අත්-තාරික් 86:12

وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ ١٢

Wal ardi zaatis sad

සිංහලසිංහල පරිවර්තනය

පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,

13අත්-තාරික් 86:13

إِنَّهُۥ لَقَوْلٌ فَصْلٌ ١٣

Innahoo laqawlun fasl

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම එය තීරණාත්මක වදනකි.

14අත්-තාරික් 86:14

وَمَا هُوَ بِالْهَزْلِ ١٤

Wa maa huwa bil hazl

සිංහලසිංහල පරිවර්තනය

තවද එය සරදමක් නොවේ.

15අත්-තාරික් 86:15

إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا ١٥

Innahum yakeedoona kaidaa

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් සැලසුම් කරති.

16අත්-තාරික් 86:16

وَأَكِيدُ كَيْدًا ١٦

Wa akeedu kaidaa

සිංහලසිංහල පරිවර්තනය

මම ද සැලසුමක් සැලසුම් කරමි.

17අත්-තාරික් 86:17

فَمَهِّلِ الْكَٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًۢا ١٧

Famahhilil kaafireena amhilhum ruwaidaa

සිංහලසිංහල පරිවර්තනය

එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය දෙනු.

දර්ශනය

අරාබි අකුරු

කියවීම