قرآن دیسیQuran Desi
سُورَةُ المرسلات

සූරා අල්-මුර්සලාත්

Surah Mursalat
සූරා 77මක්කී50 වාක්‍යපිටුව 580
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අල්-මුර්සලාත් 77:1

وَالْمُرْسَلَٰتِ عُرْفًا ١

Wal mursalaati`urfaa

සිංහලසිංහල පරිවර්තනය

අඛණ්ඩ ව එවනු ලබන සුළං මත දිවුරමින්,

2අල්-මුර්සලාත් 77:2

فَالْعَٰصِفَٰتِ عَصْفًا ٢

Fal`aasifaati `asfaa

සිංහලසිංහල පරිවර්තනය

දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්,

3අල්-මුර්සලාත් 77:3

وَالنَّٰشِرَٰتِ نَشْرًا ٣

Wannaashiraati nashraa

සිංහලසිංහල පරිවර්තනය

(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්

4අල්-මුර්සලාත් 77:4

فَالْفَٰرِقَٰتِ فَرْقًا ٤

Falfaariqaati farqaa

සිංහලසිංහල පරිවර්තනය

වෙන් වෙන් ව වෙන් කරන අය මත දිවුරමින්,

5අල්-මුර්සලාත් 77:5

فَالْمُلْقِيَٰتِ ذِكْرًا ٥

Falmulqiyaati zikra

සිංහලසිංහල පරිවර්තනය

මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්,

6අල්-මුර්සලාත් 77:6

عُذْرًا أَوْ نُذْرًا ٦

Uzran aw nuzraa

සිංහලසිංහල පරිවර්තනය

(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.

7අල්-මුර්සලාත් 77:7

إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌ ٧

Innamaa too`adoona lawaaqi

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදුවන්නකි.

8අල්-මුර්සලාත් 77:8

فَإِذَا النُّجُومُ طُمِسَتْ ٨

Fa izam nujoomu tumisat

සිංහලසිංහල පරිවර්තනය

තරු එහි ආලෝකය මකා දමනු ලබන විට,

9අල්-මුර්සලාත් 77:9

وَإِذَا السَّمَآءُ فُرِجَتْ ٩

Wa izas samaaa`u furijat

සිංහලසිංහල පරිවර්තනය

තවද අහස පුපුරා හරිනු ලබන විට,

10අල්-මුර්සලාත් 77:10

وَإِذَا الْجِبَالُ نُسِفَتْ ١٠

Wa izal jibaalu nusifat

සිංහලසිංහල පරිවර්තනය

කඳු දූවිලි බවට පත් කරනු ලබන විට,

11අල්-මුර්සලාත් 77:11

وَإِذَا الرُّسُلُ أُقِّتَتْ ١١

Wa izar Rusulu uqqitat

සිංහලසිංහල පරිවර්තනය

තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට,

12අල්-මුර්සලාත් 77:12

لِأَىِّ يَوْمٍ أُجِّلَتْ ١٢

Li ayyi yawmin ujjilat

සිංහලසිංහල පරිවර්තනය

කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?

13අල්-මුර්සලාත් 77:13

لِيَوْمِ الْفَصْلِ ١٣

Li yawmil Fasl

සිංහලසිංහල පරිවර්තනය

(එය) විනිශ්චය දිනය සඳහාය.

14අල්-මුර්සලාත් 77:14

وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ الْفَصْلِ ١٤

Wa maaa adraaka maa yawmul fasl

සිංහලසිංහල පරිවර්තනය

විනිශ්චය දිනය යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

15අල්-මුර්සලාත් 77:15

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ١٥

Wailuny yawma `izillilmukazzibeen

සිංහලසිංහල පරිවර්තනය

බොරු කළවුනට එදින විනාශයයි.

16අල්-මුර්සලාත් 77:16

أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ ١٦

Alam nuhlikil awwaleen

සිංහලසිංහල පරිවර්තනය

මුල සිටියවුන් අපි විනාශ නොකළෙමු ද?

17අල්-මුර්සලාත් 77:17

ثُمَّ نُتْبِعُهُمُ الْءَاخِرِينَ ١٧

Summa nutbi`uhumul aakhireen

සිංහලසිංහල පරිවර්තනය

පසු ව අපි ඔවුන් සමග පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.

18අල්-මුර්සලාත් 77:18

كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ ١٨

Kazzlika naf`alu bilmujrimeen

සිංහලසිංහල පරිවර්තනය

අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙසය.

19අල්-මුර්සලාත් 77:19

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ١٩

Wailunw yawma `izil lil mukazzibeen

සිංහලසිංහල පරිවර්තනය

බොරු කළවුනට එදින විනාශයයි.

20අල්-මුර්සලාත් 77:20

أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍ مَّهِينٍ ٢٠

Alam nakhlukkum mimmaaa`im maheen

සිංහලසිංහල පරිවර්තනය

ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?

21අල්-මුර්සලාත් 77:21

فَجَعَلْنَٰهُ فِى قَرَارٍ مَّكِينٍ ٢١

Faja`alnaahu fee qaraarim makeen

සිංහලසිංහල පරිවර්තනය

එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.

22අල්-මුර්සලාත් 77:22

إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ ٢٢

Illaa qadrim ma`loom

සිංහලසිංහල පරිවර්තනය

නියමිත කාල පරිච්ඡේදයක් දක්වා.

23අල්-මුර්සලාත් 77:23

فَقَدَرْنَا فَنِعْمَ الْقَٰدِرُونَ ٢٣

Faqadarnaa fani`mal qaadiroon

සිංහලසිංහල පරිවර්තනය

එසේම අපිම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.

24අල්-මුර්සලාත් 77:24

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ٢٤

Wailuny yawma `izil lilmukazzibeen

සිංහලසිංහල පරිවර්තනය

බොරු කළවුනට එදින විනාශයයි.

25අල්-මුර්සලාත් 77:25

أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا ٢٥

Alam naj`alil arda kifaataa

සිංහලසිංහල පරිවර්තනය

මහපොළොව රැස් කරන්නක් ලෙස අපි පත් නොකළෙමු ද?

26අල්-මුර්සලාත් 77:26

أَحْيَآءً وَأَمْوَٰتًا ٢٦

Ahyaaa`anw wa amwaataa

සිංහලසිංහල පරිවර්තනය

ජීවත් වන්නන් හා මළවුන්.

27අල්-මුර්සලාත් 77:27

وَجَعَلْنَا فِيهَا رَوَٰسِىَ شَٰمِخَٰتٍ وَأَسْقَيْنَٰكُم مَّآءً فُرَاتًا ٢٧

Wa ja`alnaa feehaa rawaasiya shaamikhaatinw wa asqainaakum maaa`an furaataa

සිංහලසිංහල පරිවර්තනය

තවද එහි අපි උස් කඳු ඇති කළෙමු. තවද නුඹලාට ඉමිහිරි ජලය ද සම්පාදනය කළෙමු.

28අල්-මුර්සලාත් 77:28

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ٢٨

Wailuny yawma `izil lilmukazzibeen

සිංහලසිංහල පරිවර්තනය

බොරු කළවුනට එදින විනාශයයි.

29අල්-මුර්සලාත් 77:29

انطَلِقُوٓا۟ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢٩

Intaliqooo ilaa maa kuntum bihee tukazziboon

සිංහලසිංහල පරිවර්තනය

නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.

30අල්-මුර්සලාත් 77:30

انطَلِقُوٓا۟ إِلَىٰ ظِلٍّ ذِى ثَلَٰثِ شُعَبٍ ٣٠

Intaliqooo ilaa zillin zee salaasi shu`ab

සිංහලසිංහල පරිවර්තනය

ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.

31අල්-මුර්සලාත් 77:31

لَّا ظَلِيلٍ وَلَا يُغْنِى مِنَ اللَّهَبِ ٣١

Laa zaleelinw wa laa yughnee minal lahab

සිංහලසිංහල පරිවර්තනය

එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා නොකරයි.

32අල්-මුර්සලාත් 77:32

إِنَّهَا تَرْمِى بِشَرَرٍ كَالْقَصْرِ ٣٢

Innahaa tarmee bishararin kalqasr

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.

33අල්-මුර්සලාත් 77:33

كَأَنَّهُۥ جِمَٰلَتٌ صُفْرٌ ٣٣

Ka annahoo jimaalatun sufr

සිංහලසිංහල පරිවර්තනය

එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.

34අල්-මුර්සලාත් 77:34

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ٣٤

Wailuny yawma `izil lilmukazibeen

සිංහලසිංහල පරිවර්තනය

බොරු කළවුනට එදින විනාශයයි.

35අල්-මුර්සලාත් 77:35

هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ ٣٥

Haazaa yawmu laa uantiqoon

සිංහලසිංහල පරිවර්තනය

එය ඔවුන් කතා නොකරන දිනයකි.

36අල්-මුර්සලාත් 77:36

وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ ٣٦

Wa laa yu`zanu lahum fa ya`taziroon

සිංහලසිංහල පරිවර්තනය

තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.

37අල්-මුර්සලාත් 77:37

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ٣٧

Wailunw yawma `izil lilmukazzibeen

සිංහලසිංහල පරිවර්තනය

බොරු කළවුනට එදින විනාශයයි.

38අල්-මුර්සලාත් 77:38

هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَٰكُمْ وَالْأَوَّلِينَ ٣٨

Haaza yawmul fasli jama `naakum wal awwaleen

සිංහලසිංහල පරිවර්තනය

මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.

39අල්-මුර්සලාත් 77:39

فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ ٣٩

Fa in kaana lakum kaidun fakeedoon

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.

40අල්-මුර්සලාත් 77:40

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ٤٠

Wailuny yawma`izil lilmukazzibeen

සිංහලසිංහල පරිවර්තනය

බොරු කළවුනට එදින විනාශයයි.

41අල්-මුර්සලාත් 77:41

إِنَّ الْمُتَّقِينَ فِى ظِلَٰلٍ وَعُيُونٍ ٤١

Innal muttaqeena fee zilaalinw wa `uyoon

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.

42අල්-මුර්සලාත් 77:42

وَفَوَٰكِهَ مِمَّا يَشْتَهُونَ ٤٢

Wa fawaakiha mimmaa yastahoon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති).

43අල්-මුර්සලාත් 77:43

كُلُوا۟ وَاشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ ٤٣

Kuloo washraboo haneee `am bimaa kuntum ta`maloon

සිංහලසිංහල පරිවර්තනය

නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)

44අල්-මුර්සලාත් 77:44

إِنَّا كَذَٰلِكَ نَجْزِى الْمُحْسِنِينَ ٤٤

Innaa kazaalika najzil muhsineen

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

45අල්-මුර්සලාත් 77:45

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ٤٥

Wailuny yawma `izil lilmuzkazzibeen

සිංහලසිංහල පරිවර්තනය

බොරු කළවුනට එදින විනාශයයි.

46අල්-මුර්සලාත් 77:46

كُلُوا۟ وَتَمَتَّعُوا۟ قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ ٤٦

Kuloo wa tamatta`oo qaleelan innakum mujrimoon

සිංහලසිංහල පරිවර්තනය

නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා අපරාධකරුවන්ය.

47අල්-මුර්සලාත් 77:47

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ٤٧

Wailunny yawma `izil lilmukazzibeen

සිංහලසිංහල පරිවර්තනය

බොරු කළවුනට එදින විනාශයයි.

48අල්-මුර්සලාත් 77:48

وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا۟ لَا يَرْكَعُونَ ٤٨

Wa izaa qeela lahumur ka`oo aa yarka`oon

සිංහලසිංහල පරිවර්තනය

(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නොකරති.

49අල්-මුර්සලාත් 77:49

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ٤٩

Wailunny yawma `izil lilmukazzibeen

සිංහලසිංහල පරිවර්තනය

බොරු කළවුනට එදින විනාශයයි.

50අල්-මුර්සලාත් 77:50

فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ ٥٠

Fabi ayyi hadeesim ba`dahoo yu`minoon

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් මින් පසු ව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?

දර්ශනය

අරාබි අකුරු

කියවීම