قرآن دیسیQuran Desi
سُورَةُ البلد

සූරා අල්-බලද්

Surah Balad
සූරා 90මක්කී20 වාක්‍යපිටුව 594
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අල්-බලද් 90:1

لَآ أُقْسِمُ بِهَٰذَا الْبَلَدِ ١

Laaa uqsimu bihaazal balad

සිංහලසිංහල පරිවර්තනය

මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි.

2අල්-බලද් 90:2

وَأَنتَ حِلٌّۢ بِهَٰذَا الْبَلَدِ ٢

Wa anta hillum bihaazal balad

සිංහලසිංහල පරිවර්තනය

නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,

3අල්-බලද් 90:3

وَوَالِدٍ وَمَا وَلَدَ ٣

Wa waalidinw wa maa walad

සිංහලසිංහල පරිවර්තනය

පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)

4අල්-බලද් 90:4

لَقَدْ خَلَقْنَا الْإِنسَٰنَ فِى كَبَدٍ ٤

Laqad khalaqnal insaana fee kabad

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම මිනිසා ව දැඩි දුෂ්කරතාවක අපි මැව්වෙමු.

5අල්-බලද් 90:5

أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ ٥

Ayahsabu al-lai yaqdira `alaihi ahad

සිංහලසිංහල පරිවර්තනය

ඔහු කෙරෙහි කිසිවෙකු බලය නොදරන්නේම යැයි ඔහු සිතන්නේ ද?

6අල්-බලද් 90:6

يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًا ٦

Yaqoolu ahlaktu maalal lubadaa

සිංහලසිංහල පරිවර්තනය

මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.

7අල්-බලද් 90:7

أَيَحْسَبُ أَن لَّمْ يَرَهُۥٓ أَحَدٌ ٧

Ayahsabu al lam yarahooo ahad

සිංහලසිංහල පරිවර්තනය

ඔහු ව කිසිවෙක් නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද?

8අල්-බලද් 90:8

أَلَمْ نَجْعَل لَّهُۥ عَيْنَيْنِ ٨

Alam naj`al lahoo `aynayn

සිංහලසිංහල පරිවර්තනය

අපි ඔහුට දෑස් ඇති නොකළෙමු ද?

9අල්-බලද් 90:9

وَلِسَانًا وَشَفَتَيْنِ ٩

Wa lisaananw wa shafatayn

සිංහලසිංහල පරිවර්තනය

දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)

10අල්-බලද් 90:10

وَهَدَيْنَٰهُ النَّجْدَيْنِ ١٠

Wa hadaynaahun najdayn

සිංහලසිංහල පරිවර්තනය

තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.

11අල්-බලද් 90:11

فَلَا اقْتَحَمَ الْعَقَبَةَ ١١

Falaq tahamal-`aqabah

සිංහලසිංහල පරිවර්තනය

එනමුත් ඔහු අකබා ව තරණය නොකළේය.

12අල්-බලද් 90:12

وَمَآ أَدْرَىٰكَ مَا الْعَقَبَةُ ١٢

Wa maaa adraaka mal`aqabah

සිංහලසිංහල පරිවර්තනය

අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?

13අල්-බලද් 90:13

فَكُّ رَقَبَةٍ ١٣

Fakku raqabah

සිංහලසිංහල පරිවර්තනය

(එය) වහලෙකු නිදහස් කිරීම;

14අල්-බලද් 90:14

أَوْ إِطْعَٰمٌ فِى يَوْمٍ ذِى مَسْغَبَةٍ ١٤

Aw it`aamun fee yawmin zee masghabah

සිංහලසිංහල පරිවර්තනය

එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.

15අල්-බලද් 90:15

يَتِيمًا ذَا مَقْرَبَةٍ ١٥

Yateeman zaa maqrabah

සිංහලසිංහල පරිවර්තනය

සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට;

16අල්-බලද් 90:16

أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ ١٦

Aw miskeenan zaa matrabah

සිංහලසිංහල පරිවර්තනය

එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)

17අල්-බලද් 90:17

ثُمَّ كَانَ مِنَ الَّذِينَ ءَامَنُوا۟ وَتَوَاصَوْا۟ بِالصَّبْرِ وَتَوَاصَوْا۟ بِالْمَرْحَمَةِ ١٧

Summa kaana minal lazeena aamanoo wa tawaasaw bissabri wa tawaasaw bilmarhamah

සිංහලසිංහල පරිවර්තනය

පසු ව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතරින් කෙනෙකු බවට පත් විය.

18අල්-බලද් 90:18

أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ الْمَيْمَنَةِ ١٨

Ulaaa`ika As-haabul maimanah

සිංහලසිංහල පරිවර්තනය

ඔවුහුමය දකුණත පාර්ශවයින් වන්නෝ.

19අල්-බලද් 90:19

وَالَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِنَا هُمْ أَصْحَٰبُ الْمَشْـَٔمَةِ ١٩

Wallazeena kafaroo bi aayaatinaa hum as-haabul Mash`amah

සිංහලසිංහල පරිවර්තනය

තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය වමත් පාර්ශවයින් වන්නෝ.

20අල්-බලද් 90:20

عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌۢ ٢٠

Alaihim naarum mu`sadah

සිංහලසිංහල පරිවර්තනය

ඔවුන්හට මොළවන ලද (නිරයේ) ගින්න ඇත.

දර්ශනය

අරාබි අකුරු

කියවීම