قرآن دیسیQuran Desi
سُورَةُ الشمس

සූරා අෂ්-ෂම්ස්

Surah Shams
සූරා 91මක්කී15 වාක්‍යපිටුව 595
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අෂ්-ෂම්ස් 91:1

وَالشَّمْسِ وَضُحَىٰهَا ١

Wash shamsi wa duhaa haa

සිංහලසිංහල පරිවර්තනය

හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.

2අෂ්-ෂම්ස් 91:2

وَالْقَمَرِ إِذَا تَلَىٰهَا ٢

Wal qamari izaa talaa haa

සිංහලසිංහල පරිවර්තනය

එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.

3අෂ්-ෂම්ස් 91:3

وَالنَّهَارِ إِذَا جَلَّىٰهَا ٣

Wannahaari izaa jallaa haa

සිංහලසිංහල පරිවර්තනය

දහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්.

4අෂ්-ෂම්ස් 91:4

وَالَّيْلِ إِذَا يَغْشَىٰهَا ٤

Wallaili izaa yaghshaa haa

සිංහලසිංහල පරිවර්තනය

රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.

5අෂ්-ෂම්ස් 91:5

وَالسَّمَآءِ وَمَا بَنَىٰهَا ٥

Wassamaaa`i wa maa banaahaa

සිංහලසිංහල පරිවර්තනය

අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.

6අෂ්-ෂම්ස් 91:6

وَالْأَرْضِ وَمَا طَحَىٰهَا ٦

Wal ardi wa maa tahaahaa

සිංහලසිංහල පරිවර්තනය

පොළොව හා එය ව්යාප්ත කළ අය මත ද දිවුරමින්.

7අෂ්-ෂම්ස් 91:7

وَنَفْسٍ وَمَا سَوَّىٰهَا ٧

Wa nafsinw wa maa sawwaahaa

සිංහලසිංහල පරිවර්තනය

ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,

8අෂ්-ෂම්ස් 91:8

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا ٨

Fa-alhamahaa fujoorahaa wa taqwaahaa

සිංහලසිංහල පරිවර්තනය

ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේය.

9අෂ්-ෂම්ස් 91:9

قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا ٩

Qad aflaha man zakkaahaa

සිංහලසිංහල පරිවර්තනය

සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.

10අෂ්-ෂම්ස් 91:10

وَقَدْ خَابَ مَن دَسَّىٰهَا ١٠

Wa qad khaaba man dassaahaa

සිංහලසිංහල පරිවර්තනය

තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.

11අෂ්-ෂම්ස් 91:11

كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ ١١

Kazzabat Samoodu bi taghwaahaaa

සිංහලසිංහල පරිවර්තනය

සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝය.

12අෂ්-ෂම්ස් 91:12

إِذِ انۢبَعَثَ أَشْقَىٰهَا ١٢

Izim ba`asa ashqaahaa

සිංහලසිංහල පරිවර්තනය

ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,

13අෂ්-ෂම්ස් 91:13

فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَٰهَا ١٣

Faqaala lahum Rasoolul laahi naaqatal laahi wa suqiyaahaa

සිංහලසිංහල පරිවර්තනය

මෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. තවද උගේ පැන් බොන ස්ථානයයි යැයි අල්ලාහ්ගේ දූතයා ඔවුනට පැවසුවේය.

14අෂ්-ෂම්ස් 91:14

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا ١٤

Fakazzaboohu fa`aqaroohaa fadamdama `alaihim Rabbuhum bizambihim fasaw waahaa

සිංහලසිංහල පරිවර්තනය

එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.

15අෂ්-ෂම්ස් 91:15

وَلَا يَخَافُ عُقْبَٰهَا ١٥

Wa laa yakhaafu`uqbaahaa

සිංහලසිංහල පරිවර්තනය

තවද එහි අවසානය ගැන ඔහු බියවන්නේ නැත.

දර්ශනය

අරාබි අකුරු

කියවීම