قرآن دیسیQuran Desi
سُورَةُ الليل

සූරා අල්-ලෙයිල්

Surah Lail
සූරා 92මක්කී21 වාක්‍යපිටුව 595
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අල්-ලෙයිල් 92:1

وَالَّيْلِ إِذَا يَغْشَىٰ ١

Wallaili izaa yaghshaa

සිංහලසිංහල පරිවර්තනය

රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්,

2අල්-ලෙයිල් 92:2

وَالنَّهَارِ إِذَا تَجَلَّىٰ ٢

Wannahaari izaa tajalla

සිංහලසිංහල පරිවර්තනය

දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත දිවුරමින්,

3අල්-ලෙයිල් 92:3

وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنثَىٰٓ ٣

Wa maa khalaqaz zakara wal unthaa

සිංහලසිංහල පරිවර්තනය

පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,

4අල්-ලෙයිල් 92:4

إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ ٤

Inna sa`yakum lashattaa

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය.

5අල්-ලෙයිල් 92:5

فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ ٥

Fa ammaa man a`taa wattaqaa

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී,

6අල්-ලෙයිල් 92:6

وَصَدَّقَ بِالْحُسْنَىٰ ٦

Wa saddaqa bil husnaa

සිංහලසිංහල පරිවර්තනය

යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;

7අල්-ලෙයිල් 92:7

فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ ٧

Fasanu yassiruhoo lilyusraa

සිංහලසිංහල පරිවර්තනය

අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.

8අල්-ලෙයිල් 92:8

وَأَمَّا مَنۢ بَخِلَ وَاسْتَغْنَىٰ ٨

Wa ammaa mam bakhila wastaghnaa

සිංහලසිංහල පරිවර්තනය

තවද මසුරු වී, තමන් අවශ්යතාවන්ගෙන් තොර යැයි සිතා,

9අල්-ලෙයිල් 92:9

وَكَذَّبَ بِالْحُسْنَىٰ ٩

Wa kazzaba bil husnaa

සිංහලසිංහල පරිවර්තනය

යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;

10අල්-ලෙයිල් 92:10

فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ ١٠

Fasanu yassiruhoo lil`usraa

සිංහලසිංහල පරිවර්තනය

අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.

11අල්-ලෙයිල් 92:11

وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ ١١

Wa maa yughnee `anhu maaluhooo izaa taraddaa

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.

12අල්-ලෙයිල් 92:12

إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ ١٢

Inna `alainaa lal hudaa

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය.

13අල්-ලෙයිල් 92:13

وَإِنَّ لَنَا لَلْءَاخِرَةَ وَالْأُولَىٰ ١٣

Wa inna lanaa lal Aakhirata wal oolaa

සිංහලසිංහල පරිවර්තනය

තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව අප සතුවය.

14අල්-ලෙයිල් 92:14

فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ ١٤

Fa anzartukum naaran talazzaa

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.

15අල්-ලෙයිල් 92:15

لَا يَصْلَىٰهَآ إِلَّا الْأَشْقَى ١٥

Laa yaslaahaaa illal ashqaa

සිංහලසිංහල පරිවර්තනය

අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.

16අල්-ලෙයිල් 92:16

الَّذِى كَذَّبَ وَتَوَلَّىٰ ١٦

Allazee kazzaba wa tawallaa

සිංහලසිංහල පරිවර්තනය

ඔහු වනාහි බොරු කරමින් පිටුපෑවේය.

17අල්-ලෙයිල් 92:17

وَسَيُجَنَّبُهَا الْأَتْقَى ١٧

Wa sa yujannnabuhal atqaa

සිංහලසිංහල පරිවර්තනය

තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මතු මුදවා ගන්නෙමු.

18අල්-ලෙයිල් 92:18

الَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ ١٨

Allazee yu`tee maalahoo yatazakkaa

සිංහලසිංහල පරිවර්තනය

ඔහු වනාහි තම ධනය පිරිනමා පිවිතුරු වූ අයෙකි.

19අල්-ලෙයිල් 92:19

وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍ تُجْزَىٰٓ ١٩

Wa maa li ahadin `indahoo min ni`matin tujzaaa

සිංහලසිංහල පරිවර්තනය

කිසිවකුට හෝ ප්‍රතිලාභ වශයෙන් පිරිනැමෙන කිසිදු සම්පතක් ඔහු සතුව නැත.

20අල්-ලෙයිල් 92:20

إِلَّا ابْتِغَآءَ وَجْهِ رَبِّهِ الْأَعْلَىٰ ٢٠

Illab tighaaa`a wajhi rabbihil a `laa

සිංහලසිංහල පරිවර්තනය

උත්තරීතර තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස.

21අල්-ලෙයිල් 92:21

وَلَسَوْفَ يَرْضَىٰ ٢١

Wa lasawfa yardaa

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.

දර්ශනය

අරාබි අකුරු

කියවීම