قرآن دیسیQuran Desi
سُورَةُ القيامة

සූරා අල්-කියාමා

Surah Qiyamah
සූරා 75මක්කී40 වාක්‍යපිටුව 577
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1අල්-කියාමා 75:1

لَآ أُقْسِمُ بِيَوْمِ الْقِيَٰمَةِ ١

Laaa uqsimu bi yawmil qiyaamah

සිංහලසිංහල පරිවර්තනය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි.

2අල්-කියාමා 75:2

وَلَآ أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ ٢

Wa laaa uqsimu bin nafsil lawwaamah

සිංහලසිංහල පරිවර්තනය

තවද දොස් නගන ආත්මය මත දිවුරමි.

3අල්-කියාමා 75:3

أَيَحْسَبُ الْإِنسَٰنُ أَلَّن نَّجْمَعَ عِظَامَهُۥ ٣

Ayahsabul insaanu al lan najm`a `izaamah

සිංහලසිංහල පරිවර්තනය

ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?

4අල්-කියාමා 75:4

بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّىَ بَنَانَهُۥ ٤

Balaa qaadireena `alaaa an nusawwiya banaanah

සිංහලසිංහල පරිවර්තනය

එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.

5අල්-කියාමා 75:5

بَلْ يُرِيدُ الْإِنسَٰنُ لِيَفْجُرَ أَمَامَهُۥ ٥

Bal yureedul insaanu liyafjura amaamah

සිංහලසිංහල පරිවර්තනය

නමුත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.

6අල්-කියාමා 75:6

يَسْـَٔلُ أَيَّانَ يَوْمُ الْقِيَٰمَةِ ٦

Yas`alu ayyyaana yawmul qiyaamah

සිංහලසිංහල පරිවර්තනය

“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.

7අල්-කියාමා 75:7

فَإِذَا بَرِقَ الْبَصَرُ ٧

Fa izaa bariqal basar

සිංහලසිංහල පරිවර්තනය

දෘෂ්ටිය (නීලංකාරවී) මුළාවී ගිය විට,

8අල්-කියාමා 75:8

وَخَسَفَ الْقَمَرُ ٨

We khasafal qamar

සිංහලසිංහල පරිවර්තනය

තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,

9අල්-කියාමා 75:9

وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ ٩

Wa jumi`ash shamusu wal qamar

සිංහලසිංහල පරිවර්තනය

තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,

10අල්-කියාමා 75:10

يَقُولُ الْإِنسَٰنُ يَوْمَئِذٍ أَيْنَ الْمَفَرُّ ١٠

Yaqoolul insaanu yaw ma `izin aynal mafarr

සිංහලසිංහල පරිවර්තනය

පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත.

11අල්-කියාමා 75:11

كَلَّا لَا وَزَرَ ١١

Kallaa laa wazar

සිංහලසිංහල පරිවර්තනය

එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.

12අල්-කියාමා 75:12

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ ١٢

Ilaa rabbika yawma `izinil mustaqarr

සිංහලසිංහල පරිවර්තනය

එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.

13අල්-කියාමා 75:13

يُنَبَّؤُا۟ الْإِنسَٰنُ يَوْمَئِذٍۭ بِمَا قَدَّمَ وَأَخَّرَ ١٣

Yunabba `ul insaanu yawma `izim bimaa qaddama wa akhkhar

සිංහලසිංහල පරිවර්තනය

ඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.

14අල්-කියාමා 75:14

بَلِ الْإِنسَٰنُ عَلَىٰ نَفْسِهِۦ بَصِيرَةٌ ١٤

Balil insaanu `alaa nafsihee baseerah

සිංහලසිංහල පරිවර්තනය

එසේ නොව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේය.

15අල්-කියාමා 75:15

وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُۥ ١٥

Wa law alqaa ma`aazeerah

සිංහලසිංහල පරිවර්තනය

ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද

16අල්-කියාමා 75:16

لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِۦٓ ١٦

Laa tuharrik bihee lisaa naka lita`jala bih

සිංහලසිංහල පරිවර්තනය

එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.

17අල්-කියාමා 75:17

إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُۥ ١٧

Inna `alainaa jam`ahoo wa qur aanah

සිංහලසිංහල පරිවර්තනය

එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.

18අල්-කියාමා 75:18

فَإِذَا قَرَأْنَٰهُ فَاتَّبِعْ قُرْءَانَهُۥ ١٨

Fa izaa qaraanaahu fattabi` qur aanah

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.

19අල්-කියාමා 75:19

ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ ١٩

Summa inna `alainaa bayaanah

සිංහලසිංහල පරිවර්තනය

පසු ව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන්ම අප වෙත පැවරුණු වගකීමකි.

20අල්-කියාමා 75:20

كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ ٢٠

Kallaa bal tuhibboonal `aajilah

සිංහලසිංහල පරිවර්තනය

නමුත් නුඹලා මෙලොව ප්රිය කරන්නෙහුය.

21අල්-කියාමා 75:21

وَتَذَرُونَ الْءَاخِرَةَ ٢١

Wa tazaroonal Aakhirah

සිංහලසිංහල පරිවර්තනය

තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහුය.

22අල්-කියාමා 75:22

وُجُوهٌ يَوْمَئِذٍ نَّاضِرَةٌ ٢٢

Wujoohuny yawma `izin naadirah

සිංහලසිංහල පරිවර්තනය

එදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී.

23අල්-කියාමා 75:23

إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ ٢٣

Ilaa rabbihaa naazirah

සිංහලසිංහල පරිවර්තනය

තම පරමාධිපති දෙස බලමින් සිටිති.

24අල්-කියාමා 75:24

وَوُجُوهٌ يَوْمَئِذٍۭ بَاسِرَةٌ ٢٤

Wa wujoohuny yawma `izim baasirah

සිංහලසිංහල පරිවර්තනය

තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූප ව පවතී.

25අල්-කියාමා 75:25

تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ ٢٥

Tazunnu any yuf`ala bihaa faaqirah

සිංහලසිංහල පරිවර්තනය

(කොඳු ඇට පෙළ කඩා දමන) මහත් දඬුවමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.

26අල්-කියාමා 75:26

كَلَّآ إِذَا بَلَغَتِ التَّرَاقِىَ ٢٦

Kallaaa izaa balaghatit taraaqee

සිංහලසිංහල පරිවර්තනය

එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට;

27අල්-කියාමා 75:27

وَقِيلَ مَنْ ۜ رَاقٍ ٢٧

Wa qeela man raaq

සිංහලසිංහල පරිවර්තනය

තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැයි විමසනු ලැබු විට;

28අල්-කියාමා 75:28

وَظَنَّ أَنَّهُ الْفِرَاقُ ٢٨

Wa zanna annahul firaaq

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට;

29අල්-කියාමා 75:29

وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ ٢٩

Waltaffatis saaqu bissaaq

සිංහලසිංහල පරිවර්තනය

කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට;

30අල්-කියාමා 75:30

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ ٣٠

Ilaa rabbika yawma`izinil masaaq

සිංහලසිංහල පරිවර්තනය

එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.

31අල්-කියාමා 75:31

فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ ٣١

Falaa saddaqa wa laa sallaa

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.

32අල්-කියාමා 75:32

وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ ٣٢

Wa laakin kazzaba wa tawalla

සිංහලසිංහල පරිවර්තනය

නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.

33අල්-කියාමා 75:33

ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهْلِهِۦ يَتَمَطَّىٰٓ ٣٣

Summa zahaba ilaaa ahlihee yatamatta

සිංහලසිංහල පරිවර්තනය

පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.

34අල්-කියාමා 75:34

أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ ٣٤

Awlaa laka fa awlaa

සිංහලසිංහල පරිවර්තනය

නුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය.

35අල්-කියාමා 75:35

ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰٓ ٣٥

Summa awlaa laka fa awla

සිංහලසිංහල පරිවර්තනය

පසු ව ද සමීප විය. වඩාත් සමීප විය.

36අල්-කියාමා 75:36

أَيَحْسَبُ الْإِنسَٰنُ أَن يُتْرَكَ سُدًى ٣٦

Ayahsabul insaanu anyytraka sudaa

සිංහලසිංහල පරිවර්තනය

නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?

37අල්-කියාමා 75:37

أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِىٍّ يُمْنَىٰ ٣٧

Alam yaku nutfatam mim maniyyiny yumnaa

සිංහලසිංහල පරිවර්තනය

විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?

38අල්-කියාමා 75:38

ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ ٣٨

Summa kaana `alaqata fakhalaq fasawwaa

සිංහලසිංහල පරිවර්තනය

පසු ව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසු ව ඔහුව මවා සැකසුවේය.

39අල්-කියාමා 75:39

فَجَعَلَ مِنْهُ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنثَىٰٓ ٣٩

Faja`ala minhuz zawjayniz zakara wal unsaa

සිංහලසිංහල පරිවර්තනය

පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේය.

40අල්-කියාමා 75:40

أَلَيْسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحْۦِىَ الْمَوْتَىٰ ٤٠

Alaisa zaalika biqaadirin `alaaa any yuhyiyal mawtaa

සිංහලසිංහල පරිවර්තනය

(මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට ඒවා (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?

දර්ශනය

අරාබි අකුරු

කියවීම